Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශානක - චතුරිකා පසුබසිති

ශානක - චතුරිකා පසුබසිති

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය වන අද (8 වැනිදා) පැවැති බර ඉසිලීමේ ඉසව්වලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ශානක මධුෂංක සහ චතුරිකා ප්‍රියන්ති පිළිවෙලින් ඔවුන් තරග වැඳුණ බර පංතිවල 8 වැනි සහ 9 වැනි ස්ථානවලට පත්වූහ. 

කිලෝ ග්‍රෑම් 94 (පිරිමි) බර පංතිය යටතේ තරග වැදුණ ශානක, ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 130 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 165 ක් එසවීය. එහිදී ඔහු විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 295 කි.

එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට පැපුවා නිව්ගිනියාවේ ස්ටීවන් කේරි (කිලෝ ග්‍රෑම් 370) සමත් වූ අතර රිදී පදක්කම කැනඩාවේ බෝඩි සැන්ටේවි (කිලෝ ග්‍රෑම් 369) සතුවිය. කිලෝ ග්‍රෑම් 351 ක බරක් එසවූ ඉන්දියාවේ විකාෂ් ඨාකුර් එහි ලෝකඩ පදක්කම දිනාගත්තේය.  

කිලෝ ග්‍රෑම් 75 (කාන්තා) බර පංතිය යටතේ තරග වැදුණ චතුරිකා, ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 75 ක්ද. ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 100 ක් එසවූවාය. එහිදී ඇය විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 175 කි. 

එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට එංගලන්තයේ එමිලි ගොඞ්ලි (කිලෝ ග්‍රෑම් 222) සමත් වූ අතර රිදී පදක්කම කැනඩාවේ මේරි ඊව් (කිලෝ ග්‍රෑම් 221) සතුවිය. කිලෝ ග්‍රෑම් 207 ක බරක් එසවූ වේල්සයේ ලෝරා හග්ස් එහි ලෝකඩ පදක්කම දිනාගත්තාය.  

 

- 036 


අදහස් (0)

ශානක - චතුරිකා පසුබසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.