Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාක්ස් - ගුවන් හමුදා තරගයේ විසඳුමක් නෑ

ශාක්ස් - ගුවන් හමුදා තරගයේ විසඳුමක් නෑ

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පැවැත්වූ පළමු අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගය වන හම්බන්තොට ශාක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර බොලිඅත්ත ඞී. ඒ. රාජපක්‍ෂ ක‍්‍රීඩාගංණයේදී අද (24 වැනිදා) පැවැති තරගය ලකුණු 13-13 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.


ශාක්ස් පිල උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ගුවන් හමුදාවට ගෝලයකින් සහ දඩුවම් පහර දෙකින් ලකුණු එකතු විය.


පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-10 ක් ලෙස පෙරමුණේ සිටි අතර දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු කීපයේදී ගුවන් හමුදාව දඩුවම් පහරක් සාර්ථක කරමින් තරගය සමව අවසන් කළේය.


අදහස් (0)

ශාක්ස් - ගුවන් හමුදා තරගයේ විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.