Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.බෙනඩික් විද්‍යාලයට කඩුලු 5 ක ජයක්

ශා.බෙනඩික් විද්‍යාලයට කඩුලු 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය ඊයේ (14 වැනිදා) සමත්විය. මෙම තරගය මාකඳුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ මහේෂ තීක්ෂණ කඩුලු 9 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ අතර බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවාගැනීමට ඉමේෂ් ප්‍රනාන්දු සමත්විය.


බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53 කදී සියලුදෙනා දැවී ලකුණු 174
(මාධව තත්සර 40, සහිරු රොෂේන් 30, මහේෂ තීක්ෂණ 61/5, ඉමේෂ් ප්‍රනාන්දු 48/5)

ශා. බෙනඩික් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 58.3 කදී සියලුදෙනා දැවී ලකුණු 147
(කවීශ ජයතිලක නොදැවී 42, ශනිල්ක නිරමාල් 41, ප්‍රභාෂ් අල්විස් 25/3, අරෝෂ වික්‍රමගේ 42/3, ජනිඳු ජයවර්ධන 26/2)

බණ්ඩාරනායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 48 කදී සියලුදෙනාදැවී ලකුණු 175
(දිලීප සඳරුවන් 40, හසිත පතිරගේ 36, මහේෂ තීක්ෂණ 73/4, විහඟ රුවන 28/3)

ශා. බෙනඩික් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 203
(ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 65, තිලාන් චතුරංග 55, ගයාෂාන් හෙට්ටිආරච්චි 18/2)


අදහස් (0)

ශා.බෙනඩික් විද්‍යාලයට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.