අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
එහිදී ලංකජ රත්නායක (නොදැවී 55) ශාන්ත බෙනඩික් විදුහල වෙනුවෙන්ද විඳුර සුගන්දබැද්දගේ (නොදැවී 53) ධර්මපාල විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලු 5 ක් දැවී 182
(ලංකජ රත්නායක නොදැවී 55, චමත් චාතුර්ය 28, විදුනෙත් විල්සන් 24)
ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 6 ක් දැවී 106
(විඳුර සුගන්දබැද්දගේ නොදැවී 53, සෙනුර හේරත් 37, මනුල පෙරේරා 10/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.