Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.අන්තෝනි විදුහලට ලකුණු 302 ක දැවැන්ත ජයක්

ශා.අන්තෝනි විදුහලට ලකුණු 302 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මාතලේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 302 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සමත්විය. මෙම තරගය මහනුවර ශාන්ත අන්තෝනී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන්ත අන්තෝනී විදුහලේ චමිඳු වික්‍රමසිංහ විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ශතකයක් (163) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර එම විදුහලේම නිම්නක ජයතිලක ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා.අන්තෝනි විදුහල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 378
(චමිඳු වික්‍රමසිංහ 163, ලසිත බරෙල්ලගම 78, දයාන් පංකජ 31, ගිහාන් ඒඩර්ට් 27, එන්.කමීල් 25, ප්‍රභාත් සචින් නොදැවී 20, බණ්ඩාර විජේතුංග 66/2)

ශා.තෝමස් විදුහල - ඕවර 26.5 කදී සියලුදෙනා දැවී 76
(නිම්නක ජයතිලක 16/4, චමිඳු වික්‍රමසිංහ 12/2, සසිත් හිරුදික 27/2)

 


අදහස් (0)

ශා.අන්තෝනි විදුහලට ලකුණු 302 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.