Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ මාතර රාහුල විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ රොෂේන් ප‍්‍රනාන්දු පන්දු 196 කදී හතරේ පහර 22 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 164 ක් රැස්කරමින් දස්කම් දැක්වීය. සචික් තාරුක (44) සමග එක්ව සෙබස්තියන් ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 153 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රොෂේන් සමත් විය.
රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 83.2 කදී සියලූ දෙනා දැවී 219
(යසිරු හෙවනඳුගල 60, නුවන් මධුසංක 31, පිරුණ තිලක්කුමාර 28, දිනුක මධුෂාන් 22, දිල්ෂාන් සඳරුවන් නොදැවී 21, රොෂේන් ප‍්‍රනාන්දු 33/3, සචින් තාරුක 56/3, අෂේන් චාරුක 45/2)
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 79.4 කදී සියලූ දෙනා දැවී 295
(රොෂේන් ප‍්‍රනාන්දු 164, සචික් තාරුක 44, රිෂාන් කාවින්ද 15, දිල්ෂාන් සඳරුවන් 56/4, හසිඳු චානුක 45/2, දිනුක මධුෂාන් 57/2)
රාහුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 27.3 කදී කඩුලූ 3 ක් දැවී 88
(පිරුණ තිලක්කුමාර නොදැවී 56, යසිරු හෙවනඳුගල 19, චානුක රාජපක්ෂ 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.