වයස 13 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ශාන්ත සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.
මෙහිදී ශාන්ත සෙබස්තියන් විදුහල් වමතින් පා දග පන්දු යවන සදුන් ප‍්‍රනාන්දු ලකුණු 26 කට කඩුලූ 8 ක් දවා ගනිමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
සුකිත ප‍්‍රසන්න ලකුණු 50 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම ඕවර 57 කදී සියලූ දෙනා දැවී 165
(සුකිත ප‍්‍රසන්න 50, සමීන් ප‍්‍රනාන්දු 39, නිම්තක ප‍්‍රනාන්දු 40/4, අනුජිත් වික‍්‍රමසිංහ 11/2)
වෙස්ලි විදුහල පළමු ඉනිම ඕවර 28 කදී සියලූ දෙනා දැවී 70
(සදුන් ප‍්‍රනාන්දු 26/8, දිෂේන් වීරසිංහ 9/2)
ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම ඕවර 17 කදී කඩුලූ 3 ට 62
(විහග මෙන්ඩිස් 22, ඒ. මාරසිංහ 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.