Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. සෙබස්තියන් - ද ලාසාල් සම ශූරතාව දිනති

ශා. සෙබස්තියන් - ද ලාසාල් සම ශූරතාව දිනති

Dilrukshi - 2015 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ සම ශූරතාව මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායමට සහ කොළඹ ද ලාසාල් විදුහලට හිමිවිය.

කොළඹ වෙළෙඳ සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

පෙරවරුවේ වර්ෂාව ඇද හැලෙන විට ද ලාසාල් විදුහල  ඕවර 21.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලබා සිටියේය. ඒ අනුව ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ශාන්ත සෙබස්තියන් විදුහලට  ඕවර 20 කදී ලකුණු 124 ක ඉලක්කයක් බාර විය.

ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 14.1 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 69 ක් රැස්කර සිටියදී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය.

ඩිලාසාල් විදුහල  ඕවර 21.3 කදී කඩුලූ 1 ට 55

(රවිඳු සංදීප නොදැවී 31, ධනංජය පෙරේරා නොදැවී 11)

ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම  ඕවර 14.1 කදී කඩුලූ 4 ට 69

(සුපුන් ප‍්‍රනාන්දු නොදැවී 19, නවෝද් සිල්වා 11)

ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම 

 


ඩිලාසාල් විදුහල

 


අදහස් (0)

ශා. සෙබස්තියන් - ද ලාසාල් සම ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.