අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ ඞී. එස්. සේනානායක විදුහල අතර මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය.
එහිදී ශ්‍රී ලංකා 19 න් පහළ පිල නියෝජනය කරන ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිෂ්ක ප‍්‍රනාන්දු පන්දු 169 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 139 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු ලකුණු 86 කට ඞී. එස්. සේනානායක විදුහලේ කඩුලූ 6 ක් දවාගැනීමට සමත්විය.
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 84.5 කදී සියලූ දෙනා දැවී 283
(අවිෂ්ක ප‍්‍රනාන්දු 139, විශාන් ද මෙල් 31, විසල් සේනානායක 32, සචින් බණ්ඩාර 72/4, තිමිල විද්‍යාසේකර 48/3, ශිෆ්රාන් මුතාලිෆ් 42/2)
ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 78.3 කදී සියලූ දෙනා දැවී 258
(කවීන් බණ්ඩාර 48, තිමිල විද්‍යාසේකර 41, ගීත් පෙරේරා 38, ප‍්‍රමේෂ් ප‍්‍රනාන්දු 86/6, ළහිරු හේෂාන් 69/3)
ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 26 කදී කඩුලූ 4 ක් දැවී 87
(ගයාන් තිළිණ 26, අවිෂ්ක ප‍්‍රනාන්දු 26, සචින් බණ්ඩාර 19/2, ශිෆ්රාන් මුතාලිෆ් 24/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.