Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. පීතර - තර්ස්ටන් අවසන් තරගය හෙට

ශා. පීතර - තර්ස්ටන් අවසන් තරගය හෙට

editorial - 2022 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ ‘බී’ කොටසේ අවසන් මහ තරගය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී හෙට (3 වැනිදා) පැවැත්වීමට නියමිතය. ශාන්ත පීතර විදුහල ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේ ශූරතාව දිනාගත් අතර එවර අනු ශූරතාව හිමිකරගනු ලැබුවේ තර්ස්ටන් විදුහල විසිනි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි. තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 18 ක් සහභාගි වූ අතර එහිදී ඔවුන් කණ්ඩායම් 9 බැගින් වූ කාණ්ඩ 2 ක් යටතේ තරග වැදිණ.
මූලික වටයේදී සහභාගි වූ තරග 8 ම ජයගත් ශාන්ත පීතර විදුහල, ඔවුන් නියෝජනය කළ අනු කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේය. අර්ධ අවසන් පූර්ව වටයේදී රත්ගම දේවපතිරාජ විදුහලත්, අවසන් පූර්ව වටයේදී ගාල්ල මහින්ද විදුහලත් පරාජය කළ ශාන්ත පීතර ක්‍රීඩකයෝ සිය අපරාජිත බව රැකගනිමින් අවසන් මහ තරගයට පිවිසියහ.

මූලික වටයේදී සහභාගි වූ තරග 8 න් 6 ක් ජයගත් තර්ස්ටන් විදුහල, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ඔවුන් නියෝජනය කළ අනු කාණ්ඩයේ තෙවැනියා ලෙසිනි. කෙසේ වුවත් අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ඉසිපතන විදුහලත්, අවසන් පූර්ව වටයේදී වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලත් පරාජය කරමින් තර්ස්ටන් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

මෙවර තරගාවලියේදී නිමුතු ගුණවර්ධ විසින් ශාන්ත පීතර විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර ශානික්‍ය දේශප්‍රිය විසින් තර්ස්ටන් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ලැබේ.

 


අදහස් (0)

ශා. පීතර - තර්ස්ටන් අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.