Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. තෝමසුවෝ කඩුලු 4 කින් ජය ගනිති

ශා. තෝමසුවෝ කඩුලු 4 කින් ජය ගනිති

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති 11 වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ ඕවර 42.4 අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නදීෂ් බණ්ඩාර ලකුණු 55 ක් රැස්කරමින් ශාන්ත තෝමස් විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

කාසියේ වාසිය දිනු ශාන්ත තෝමස් විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලට ඕවර 40 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 165 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවීෂ සමරවීර සහ දුෂේන් නේලක කඩුලු 3 බැගින් බිඳ හෙළමින් ජයවර්ධනපුර මහ විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායක වූහ.


ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල - ඕවර 40 කදී සියලු දෙනා දැවී 165
(ලක්ෂිත පෙරේරා 33, කවීෂ සමරවීර 28/3, දුෂේන් නේලක 31/3)

ශාන්ත තෝමස් විදුහල - ඕවර 42.4 කදී කඩුලු 6 ක් දැවී 167
(නදීෂ් බණ්ඩාර 55, සචින්ත විලියම් 28, ලක්ෂිත පෙරේරා 20/2)

 


අදහස් (0)

ශා. තෝමසුවෝ කඩුලු 4 කින් ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.