Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන 117 වැනි ‘රුහුණු නිල් මහ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (25 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත තෝමස් විදුහල කඩුලු 9 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටියේය.
ඒ අනුව ශාන්ත තෝමස් විදුහල කඩුල්ලක් අතැතිව ශාන්ත සර්වේශස් විදුහලට වඩා ලකුණු 8 ක් පසුපසින් සිටින අතර දිනය නිමා වන විට කඩුල්ලේ රැදී සිටි ළහිරු දිල්ෂාන් නොදැවී ලකුණු 63 ක් ලබා සිටියේය.
පළමු දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 4 කට කඩුලු 2 ක් දැවී අසීරු තත්ත්වයකට මුහුණ පා සිටි ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයෝ අද දිනයේදී එම අසීරු තත්ත්වයෙන් මිදී සිය පළමු ඉනිමට තවත් 195 ක් එක්කර ගත්හ.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත සර්වේශස් විදුහලේ තිලාන් ප්‍රෂාන් ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගනිමින් ශාන්ත තෝමස් විදුහලේ පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් විය. හෙට (26 වැනිදා) තරගයේ අවසන් දිනයයි.
ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම - ඕවර 76.4 කදී සියලු දෙනා දැවී 207
(සුපුන් කාවින්ද 48, තිලාන් ප්‍රෂාන් 51, මුදිත අෂාන් 36, සෂික දුල්ෂාන් 21, මලීෂ සදුෂ්ක 24/3, හෂින් දුල්මන් 64/2, ප්‍රවීන් මදුෂාන් 38/2, ළහිරු දිල්ෂාන් 28/2)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 101 කදී කඩුලු 9 ක් දැවී 199
(රමින්ද පවිනාත් 43, ළහිරු දිල්ෂාන් නොදැවී 63, තරුෂ කාවින්ද 30, තිලාන් ප්‍රෂාන් 44/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.