වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය ජෝෂප් වාස් විදුහල ඕවර 20.3 ක් අවසානයේ කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී නොදැවී ලකුණු 77 ක් රැස්කරමින් සහ ලකුණු 19 කට කඩුලූ 3 ක් දවාගනිමින් ජෝෂප් වාස් විදුහල ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට නිපුන් ධනංජය සමත් විය.
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල - ඕවර 45 කදී සියලූ දෙනා දැවී 117
(ඞී. වික‍්‍රමසිංහ 42, නවෝද් පීරිස් 15/3, නිපුන් ධනංජය 19/3, අවිඳු ශෙහාර 25/2)
ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 20.3 කදී කඩුලූ 2 ක් දැවී 120
(නිපුන් ධනංජය නොදැවී 77, දිල්ෂාන් ප‍්‍රසාද් 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.