කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ 81 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය මේ මස 6 සහ 7 දෙදින පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති මහා ක‍්‍රිකට් තරග 80 දී ශාන්ත ජෝශප් විද්‍යාලය තරග 12 ක් ජය ලබා ඇති අතර ශාන්ත පීතර විද්‍යාලය තරග 09 ක් ජය ලැබීමට සමත්ව තිබේ. ඉතිරි තරග 57 විසදුමකින් තොරව නිමවී තිබේ.
ශාන්ත ජෝශප් විදුහල රුවන්ත ප‍්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙන් 2008 වසරේ අවසන් වරට ජය ලැබූ අතර ශාන්ත පීතර විදුහල 2012 වසරේ ෂෙහාන් ප‍්‍රනාන්දුගේ නායකත්යෙන් ජය ලැබීය.
මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායකයා ලෙස පැතුම් මධුසංඛ කටයුතු කරන අතර චන්දුල ජයමාන්න, ශාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කරයි.
ශාන්ත පීතර විදුහල මෙම තරග වාරයේ තරග 16 කට සහභාගි වී කොළඹ නාලන්දා, මීගමුව මාරිස්ටෙලා, වෙස්ලි, රාජකීය, මහනුවර ත‍්‍රිත්ව, අම්බලන්ගොඩ ධර්මාශෝක සහ ශාන්ත අන්තෝනි යන කණ්ඩායම්වලට පූර්ණ ජයග‍්‍රහණ ලැබූ අතර ඉතිරි තරග විසදුමකින් තොරව අවසන් කර තිබේ.
මෙවර ශාන්ත පීතර විදුහලේ වැඩිම ලකුණු ලාභියා වන දිනිත් තිමෝද්‍ය තරග 14 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 767 ක් රැස්කර තිබේ.
ලක්‍ෂාන් රොද්‍රිගු (704), දිදුලන මෙන්ඩිස් (655), හෂාන් වනසේකර (564) සහ සචින් දල්පදාදු (505) මෙවර ශාන්ත පීතර විදුහල සතු සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.
තනීෂ වීරකෝන් කඩුලූ 65 ක් දවා ගනිමින් මෙම තරග වාරයේ ශාන්ත පීතර විදුහලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. විනූ මොහොට්ටි (කඩුලූ 57), අසන්ත් මල්ක (කඩුලූ 51) සහ රන්දල් සෙනෙවිරත්න (කඩුලූ 20) මෙවර ශාන්ත පීතර විදුහල් පන්දු යැවීම බලැනිය ශක්තිමත් කරන සෙසු ප‍්‍රබල පන්දු යවන්නෝ වෙති.
ශාන්ත ජෝශප් විදුහල මෙම තරග වාරයේ තරග 15 කට සහභාගි වී මීගමුව මාරිස්ටෙලා, වෙස්ලි සහ ශාන්ත අන්තෝනි යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබූ අතර මහනුවර ත‍්‍රිත්ව විදුහල හමුවේ පරාජයට පත්විය.
නායක පැතුම් මධුසංඛ තරග 14 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 754 ක් රැස්කරමින් මෙවර ශාන්ත ජෝශප් විදුහලේ ප‍්‍රබලතම පිතිකරු බවට පත්ව සිටියි. සදරුවන් රොද්‍රිගු (434), ජෙහාන් ඩැනියල් (385) සහ අරවින්ද අකුරුගොඩ (332) ශාන්ත ජෝශප් පිතිකරු ලැයිස්තුවේ සෙසු දක්‍ෂ පිතිකරුවෝ වෙති.
අරවින්ද අකුරුගොඩ කඩුලූ 52 ක් දවා ගනිමින් මෙවර ශාන්ත ජෝශප් විදුහලේ ප‍්‍රබල පන්දු යවන්නා බවට පත්ව සිටියි. හෂින්ද්‍ර පෙරේරා (කඩුලූ 31), හරීන් කුරේ (කඩුලූ 26) සහ ජෙහාන් ඩැනියල් (කඩුලූ 25) මෙම තරග වාරයේ කඩුලූ අතර සිටින සෙසු පන්දු යවන්නෝ වෙති.
දෙවිදුහල් අතර 41 වැනි වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 14 වැනිදා ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ.
ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: අරවින්ද අකුරුගොඩ, ප‍්‍රසන්ත රණවීර මහතා (පළමු පෙළ කණ්ඩායම් භාර ආචාර්ය), අසේල පතිරණ මහතා (පුහුණුකරු), මිලාන් බර්නාඞ් පියතුමා (ක‍්‍රීඩා භාර ආචාර්ය), පැතුම් මධුසංඛ (නායක), ටේරවිස් ගේබි‍්‍රයල් පියතුමා (විදුහල්පති), මයිකල් ඇඩම්ස් මහතා (සහය පුහුණුකරු), ප‍්‍රියන්ත කුරේ මහතා (දෙවැනි පෙළ කණ්ඩායම් භාර ආචාර්ය), අනුර තෙන්නකෝන් මහතා (ක‍්‍රිකට් අධ්‍යක්‍ෂ) සහ හසින්ද්‍ර පෙරේරා (උප නායක)
මැද පෙළ වමේ සිට: ෂෙවොන් ෆොන්සේකා, කෙවින් කොට්ලින්, බ‍්‍රයන් ජයමාන්න, නිපුන් සුමනසිංහ, නෙරන් ගුණතිලක, සුරේන් ද සිල්වා, සදරුවන් රොද්‍රිගු, තෂාන් පෙරේරා, චාරුක උලූදුපිටිය, රෙවන් කෙලි සහ මනික් ගුණවර්ධන
පසු පෙළ වමේ සිට: තිළිණ ජයවීර මහතා (සහාය අභ්‍යාසක), දිල්රුක් නිලන්ත මහතා (අභ්‍යාසක), හරීන් කුරේ, මල්ෂාන් රොද්‍රිගු, විමුක්ති පීරිස්, රුචිර ඒකනායක, ජෙහාන් ඩැනියල් සහ දරන්ත මෙනේරිගම මහතා (පන්දු රැකීමේ පුහුණුකරු)
ශාන්ත පීතර විදුහල් කණ්ඩායම:

ඉදිරි පෙළ වමේ සිට: කිටෝ ප‍්‍රනාන්දුපුල්ලේ මහතා (සහාය පුහුණුකරු), ශානක ප‍්‍රනාන්දු මහතා (සහය පුහුණුකරු), සනත් චින්තක මහතා (ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් භාර ආචාර්ය), ටෝයි බර්ට්ල මහතා (ක‍්‍රීඩා ලේකම්), චන්දුල ජයමාන්න (නායක), ටේරවෝ මාටින් පියතුමා (විදුහල්පති), ශාම් දිසානායක මහතා (ක‍්‍රීඩා සම්බන්ධීකාරක), දිනිත් තිමෝද්‍ය (උප නායක), කීර්ති ගුණරත්න මහතා (ප‍්‍රධාන පුහුණුකරු), වසන්ත හපුතන්ත‍්‍රි මහතා (කනිෂ්ඨ ක‍්‍රිකට් බාර ආචාර්ය) සහ මහේෂ් ද සිල්වා මහතා (කළමණාකරු)
මැද පෙළ වමේ සිට: දිදුලන මෙන්ඩිස්, ඔෂාන් කරුණාරත්න, ටනීෂ වීරකෝන්, හෂාන් වනසේකර, ලක්‍ෂිණ රොද්‍රිගු, මනිල්ක ද සිල්වා, විනූ මොහොට්ටි, සචින් දල්පදාදු, සවින් ගුණසේකර සහ සංජුල මධුෂාන්
පසු පෙළ වමේ සිට: රන්දිල් සෙනෙවිරත්න, ඩිනාල් ජයකොඩි, අෂන්ත මල්ක, රෙෂාන් ගුණවර්ධන සහ රවි`දු සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.