Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝශප් ‐ ශා. පීතර මහ ක්‍රිකට් තරගය 3 - 4

ශා. ජෝශප් ‐ ශා. පීතර මහ ක්‍රිකට් තරගය 3 - 4

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ 83 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී මේ මස 3 සහ 4 දෙදින පැවැත්වේ.

දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති මහ ක්‍රිකට් තරග 82 දී ශාන්ත ජෝශප් විද්‍යාලය තරග 12 ක් ජය ලබා ඇති අතර ශාන්ත පීතර විද්‍යාලය තරග 09 ක් ජය ලැබීමට සමත්ව තිබේ. ඉතිරි තරග 59 විසදුමකින් තොරව නිමවී තිබේ.

ශාන්ත ජෝශප් විදුහල රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙන් 2008 වසරේ අවසන් වරට ජය ලැබූ අතර ශාන්ත පීතර විදුහල 2016 වසරේ විනූ මොහොට්ටිගේ නායකත්යෙන් ජය ලැබීය.

මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායකයා ලෙස හරීන් කුරේ ද, ශාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස ලක්‍ෂිණ රොද්‍රිගු ද, කටයුතු කරති.

ශාන්ත ජෝශප් විදුහල මෙම තරග වාරයේ තරග 17 කට ක්‍රීඩා කර ශාන්ත පැට්ටි්‍රක්, මීගමුව මාරිස්ටෙලා සහ ගම්පහ බණ්ඩාරනායක යන විදුහල් තුනට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලැබීය. එහිදී ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිමේ පරාජය දෙකක් පමණක් ලබා තිබේ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයන් වන ජෙහාන් ඩැනියල් සහ රෙවාන් කෙලී මෙවර මහ ක්‍රිකට් තරගයේදී ශාන්ත ජෝශප් විදුහලේ ප්‍රධානම බලාපොරොත්තුවක් බවට පත්ව තිබේ.

නිපුන් සුමනසිංහ මෙම තරග වාරයේදී ලකුණු 957 ක් රැස්කරමින් ශාන්ත ජෝශප් විදුහල් පිලේ ප්‍රබලතම පිතිකරු බවට පත්ව සිටියි. දිනෙත් මදුරාවල (794), ශිවෝන් ෆොන්සේකා (638), පහන් පෙරේරා (491) මෙම තරග වාරයේ පිත්තෙන් දස්කම් දැක්වූ සෙසු ශාන්ත ජෝශප් විදුහල් පිතිකරුවෝ වෙති.

ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායක හරීන් කුරේ මෙම තරග වාරයේ කඩුලු 77 ක් දවා ගැනීමට සමත්ව සිටියි. රුචිර ඒකනායක (32), නිපුන් සුමනසිංහ (27) සහ දිනෙත් ජයකොඩි (27) ශාන්ත ජෝශප් විදුහල් පන්දු යැවීමේ බලැනිය ශක්තිමත් කරන සෙසු කරති.  

ශාන්ත පීතර විදුහල මෙම තරග වාරයේ තරග 17 කට ක්‍රීඩා කරමින් වත්තල ශාන්ත අන්තෝනි, මීගමුව මාරිස්ටෙලා, කෑගල්ල ශාන්ත මරියා, ශාන්ත සෙබස්තියන් සහ ශාන්ත බෙනඩික් යන විදුහල් පහට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා තිබේ. ශාන්ත පීතර විදුහල මෙම තරග වාරයේ පළමු ඉනිමේ පරාජ පහක් පමණක් ලබා තිබේ.

සන්තුෂ් ගුණතිලක ලකුණු 872 ක් ද, නායක ලක්‍ෂිණ රොද්‍රිගු ලකුණු 871 ක් ද, රැස්කරමින් මෙම තරග වාරයේ ශාන්ත පීතර විදුහලේ ප්‍රබලතම පිතිකරුවෝ බවට පත්ව සිටිති. ශාලිත ප්‍රනාන්දු (717), මනිල්ක ද සිල්වා (598) සහ අනිෂ්ක පෙරේරා (495) මෙම තරග වාරයේ ශාන්ත පීතර විදුහලේ සෙසු ලකුණු අතර සිටින පිතිකරුවෝ වෙති.

මොහොමඞ් අමීන් කඩුලු 94 ක් දවා ගනිමින් මෙම තරග වාරයේ ශාන්ත පීතර විදුහලේ ඉහළතම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. චතුර ඔබේසේකර (68) සහ සන්තුෂ් ගුණතිලක (28) මෙම තරග වාරයේ කඩුලු අතර සිටින සෙසු පන්දු යවන්නෝ වෙති.

දෙවිදුහල් අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 25 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: ආසිරි පෙරේරා මහතා (අභ්‍යාසක), ආසිරි කල්දේරා මහතා (දෙවැනි පෙළ කණ්ඩායම් බාර ආචාර්ය), ප්‍රසන්ත රණවීර මහතා (පළමු පෙළ කණ්ඩායම් බාර ආචාර්ය), මිලාන් බර්නාඞ් පියතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), හරීන් කුරේ (නායක), ටේ‍රවිස් ගේබි්‍රයල් පියතුමා (විදුහල්පති), ශිවෝන් ෆොන්සේකා (උප නායක), රොජර් විජේසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු), මයිකල් ඇඩම්ස් මහතා (දෙවැනි පෙළ කණ්ඩායම් පුහුණුකරු) සහ දරන්ත මෙනේරිගම මහතා (පන්දු රැකීමේ පුහුණුකරු)
දෙවැනි පෙළ වමේ සිට: ශිවාන් රසූල්, කැමිරොන් දුරුගේ, දිනිත් ජයකොඩි, නිපුන් සුමනසිංහ, ජෙහාන් ඩැනියල්, රෙවාන් කෙළි, තෂාන් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, සචින්ත මහින්දසිංහ
පසු පෙල වමේ සිට: කවිඳු ජයතිස්ස, පහන් පෙරේරා, දාරිඕ දසනායක, රුචිර ඒකනායක, දිනිත් මධුරාවල, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ, ලක්‍ෂාන් ගමගේ සහ හවින් පෙරේරා


ශාන්ත පීතර විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: මනුකර් ගුණතිලක මහතා (අභ්‍යාසක), සම්පත් ධර්මසිරි මහතා (පන්දු රැකීමේ පුහුණුකරු), චින්තක පීරිස් මහතා (දඟ පන්දු යැවීමේ පුහුණුකරු), ශානක ප්‍රනාන්දු මහතා (සහය පුහුණුකරු), සනත් චින්තක මහතා (ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් භාර ආචාර්ය), ලක්‍ෂිණ රොද්‍රිගු (නායක), ටේ‍රවෝ මාටින් පියතුමා (විදුහල්පති), තිළිණ පැතුම් පියතුමා (ක්‍රීඩා සම්බන්ධීකාරක), මනිල්ක ද සිල්වා (උප නායක), මලින්ද වර්ණපුර මහතා (ප්‍රධාන පුහුණුකරු), වසන්ත හපුතන්ත්‍රි මහතා (කනිෂ්ඨ ක්‍රිකට් බාර ආචාර්ය), කිටෝ ප්‍රනාන්දුපුල්ලේ මහතා (සහාය පුහුණුකරු) සහ මහේෂ් ද සිල්වා මහතා (කළමණාකරු)
දෙවැනි පෙළ වමේ සිට: භානුක ද සිල්වා, ශිවාන් පෙරේරා, චතුර ඔබේසේකර, ශාලිත ප්‍රනාන්දු, සුලක්‍ෂණ ප්‍රනාන්දු, අනිෂ්ක පෙරේරා, රවිඳු සිල්වා, දිනිත් අංජුල, සචින් සිල්වා සහ විනුල් ගුණවර්ධන
පසු පෙල වමේ සිට: නිපුනක ෆොන්සේකා, අමීන් මිෆ්ලාල්, අන්මිත් ජයසේන, සන්තුෂ් ගුණතිලක,
ලශින් රොද්‍රිගු සහ පබසර හේරත්

 


අදහස් (0)

ශා. ජෝශප් ‐ ශා. පීතර මහ ක්‍රිකට් තරගය 3 - 4

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.