Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝන් විද්‍යාලයට ඉනිමක ජයක්

ශා. ජෝන් විද්‍යාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 66 ක ජයක් හිමිකර ගැනීමට නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය ඊයේ (12 වැනිදා) සමත්විය.

මෙම තරගය පාදුක්ක සිරි පියරතන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ හිරූෂ සංදීප ශතකයක් (නොදැවී 109) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තනූෂ සඳරුවන් සහ මිතිල පූර්ණජිත් කඩුලු 6 බැගින් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 354
(හිරූෂ සංදීප නොදැවී 109, මිතිල පූර්ණජිත් 53, නුරාජ් ප්‍රසංග 51, අශේන් මිලින්ද 31, සදීශාන් චමෝද්‍ය 29, පසිඳු බාෂණ 124/4)

ආනන්ද ශාස්ත්‍රාලය- පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(ගිහාන් රංදික 36, ශෙහාන් හිරුදික 35, උලිඳු ප්‍රභාෂ්වර් 23, තනූෂ සඳරුවන් 44/4, ශවීන් හත්වැල්ල 22/3, මිතිල පූර්ණජිත් 32/2)

ආනන්ද ශාස්ත්‍රාලය- දෙවැනි ඉනිම - ඕවර 34.2 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(පසිඳු දිල්ශාන් 41, උලිඳු ප්‍රභාෂ්වර 28, විදුර මන්තික 20, මිතිල පූර්ණජිත් 49/4, ශවීන් හත්වැල්ල 13/2, තනූශ සඳරුවන් 60/2)

 


අදහස් (0)

ශා. ජෝන් විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.