Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ඇලවිෂියස් විද්‍යාලයට ඉනිමක ජයක්

ශා. ඇලවිෂියස් විද්‍යාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2017 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය එරෙහිව ඉනිමක සහ ලකුණු 130 ක ජයක් ලබාගැනීමට ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය අද (19 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පහ කඳිරාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ගාල්ල ශා. ඇලවිෂියස් විද්‍යාලයේ රවිඳු සංජන පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 168 ක් රැස්කළ අතර තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ කවික ඩිල්ශාන් ලකුණු 33 කට කඩුලු 7 ක් සහ හරීන් බුද්ධිල ලකුණු 23 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්වූහ.

බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30 කදී සියලුදෙනා දැවී ලකුණු 85
(තහිරු රොශේන් 27, කවික ඩිල්ශාන් 19/5, හරීන් බුද්ධිල 05/2, කවිඳු මදුරංග 12/2)

ශා. ඇලවිෂියස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 80.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 282
(රවිඳු සංජන නොදැවී 168, පසිඳු නානායක්කාර 50, ජනිඳු ජයවර්ධන 52/2, හචිත හේමප්‍රිය 55/2)

බණ්ඩාරනායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 29.2 කදී සියලුදෙනා දැවී ලකුණු 67
(පසිඳු බණ්ඩාර 21, හරීන් බුද්ධිල 18/3, නිදුක මල්ෂිත් 08/2, කවික ඩිල්ශාන් 14/2, රවිඳු සංජන 18/2)


අදහස් (0)

ශා. ඇලවිෂියස් විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.