Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීගමුව ශාන්ත පීතර විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 28 ක ජය ලැබීමට ශාන්ත ආනා විදුහල සමත් විය.
ශාන්ත ආනා විදුහලේ විමුක්ති බණ්ඩාර (108) ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර පියුමාල් සිංහවංශ ලකුණු 35 කට කඩුලු 7 ක් දවාගනිමින්ද, ලක්ෂිත ද සිල්වා ලකුණු 29 කට කඩුලු 6 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 114
(උමේෂ් ලක්ෂාන් 34, නිර්මාල් රොමිල්ටන් 24, හිරුෂ චාමෝද් 21, ලක්ෂිත ද සිල්වා 29/6, රන්දීර රණසිංහ 30/2)
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 313
(විමුක්ති බණ්ඩාර 108, තරිඳු විජේසිංහ 60, කාවින්ද රණසිංහ 41, පුබුදු ගනේගම 33, රවින් සලිත් 54/4, ඉසුරු උත්පල 57/3, දිනෙත් තත්සර 92/2)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 65.3 කදී සියලු දෙනා දැවී 171
(උමේෂ් ලක්ෂාන් 71, පසිඳු නවෝද් 40, තිසර මදුවන්ත 24, පියුමාල් සිංහවංශ 35/7, පුබුදු ගනේගම 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.