අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හොරණ ශ්‍රීපාලි විදුහල සහ හෝමාගම මැදි විදුහල අතර හෝමාගමදී පැවැති II කොටසේ තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.
එහිදී බිනූ ජිනදි (75) ශ්‍රීපාලි විදුහල් වෙනුවෙන්ද, දිනෙත් අනුජය (නොදැවී 66) හෝමාගම මැදි විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ශ්‍රීපාලි විදුහල් පළමු ඉනිම - ඕවර 54 කදී සියලු දෙනා දැවී 186
(බිනූ ජිනදි 75, දිනුක අනූපමාල් 34, සඳරු අනුත්තර 28, දිනෙත් අනුජය 41/3, කවිඳු දුලාංජය 41/2, කවිඳු ධනංජය 45/2)
හෝමාගම මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 25 කදී කඩුලු 2 ක් දැවී 112
(දිනෙත් අනුජය නොදැවී 66, හරිඳු හිමාසර 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.