Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ඊයේ (15 වැනිදා) සමත්විය. මෙම තරගය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිමේදී කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දවාගත් අනුක ප්‍රදීපික පන්දුවෙන් දස්කම් දක්වමින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
පිළියන්දල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55.1 කදී සියලුදෙනා දැවී ලකුණු 211
(ගයාෂ චතුරංග 53, හේෂාන් මදුසංක 33, මල්ශාන් ගුණතිලක 25, චමෝද් සඳරු 25, සඳුන් තත්සර 21, අනුක ප්‍රදීපික 101/6, ජනිඳු ඉනුර 52/4)
ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 218
(මිරංග හර්ෂණ 69, ඉසුරු උමංග 50, අංජන මදුවන්ත 23, උෂාන් දීමන්ත 31/3)
පිළියන්දල ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28.2 කදී සියලුදෙනා දැවී ලකුණු 94
(දමිත් දිල්ෂාන් 26, ගයාෂ චතුරංග 25, අනුක ප්‍රදීපික 38/5)
ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 17.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 90
(ඉසුරු උමංග 36, රුචිර තිනෙත් 13/2, හේෂාන් මදුශංක 47/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.