Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලාංකිකයෝ නව වාර්තා 2 ක් තබති : පදක්කම් 6 ක් දිනති

ශ්‍රී ලාංකිකයෝ නව වාර්තා 2 ක් තබති : පදක්කම් 6 ක් දිනති

editorial - 2023 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක්  සහ ලෝකඩ පදක්කම් දෙකක් සමගින් පදක්කම්  6 ක්  දිනා ගත්හ. නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි රන් පදක්කම් දිනාගද්දී සමිත දුලාන් සහ  ජනනී ධනංජනා  රිදී පදක්කම් දිනාගත්හ. පාලිත බණ්ඩාර සහ කුමුදු ප්‍රියංකා ලෝකඩ පදක්කම් දෙකක් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පදක්කම් සටහන ශක්තිමත් කළහ.

ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම ආසියානු පැරලිම්පික් උළෙලට ගියේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී අනුග්‍රහයෙනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ මුල්ම පදක්කම දිනා ගැනීමට සමත් වූයේ නුවන් ඉන්දිකයි. ටී-44 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව සඳහා සහභාගී වූ නුවන් සිය ඉසව්ව තත්පර 11.63 ක කාලයකින් අවසන් කරමින් ආසියානු පැරා ක්‍රීඩා උළෙල වාර්තාවක් පිහිටුවීම ද විශේෂත්වයකි. තරගාවලියේ ටී-46 කාණ්ඩයේ මීටර් 1500 තරගය සඳහා සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි තරගය අවසන් කිරීමට විනාඩි 4:05.14ක කාලයක් ගත කළ අතර ඔහු වාර්තා කළ කාලය ද නව ක්‍රීඩා උළෙල වාර්තාවක් ලෙස සටහන්  විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි පදක්කම දිනා දුන්නේ පැරලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් විසිනි. එෆ්-44 කාණ්ඩය නියෝජනය කරන සමිත එෆ්-64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීම ඉසව්ව සඳහා සහභාගී වෙමින් මීටර් 64.09 ක දස්කමක් ප්‍රදර්ශනය කරමින් රිදී පදක්කම දිනා ගත්තේය. ඔහු එම ඉසව්ව සඳහා දැක්වූ දස්කම ඔහු නියෝජනය කරන එෆ්-44 කාණ්ඩයේ ක්‍රීඩා උළෙල වාර්තාව බිඳ හෙළු දස්කමක් වීම ද විශේෂත්වයකි.

ආසියානු පැරා උළෙලේ ටී-47 දුර පැනීමේ ඉසව්වෙන් ජනනී ධනංජනා සහ කුමුදු ප්‍රියංකා ක්‍රීඩිකාවෝ දෙදෙනා පිළිවෙළින් රිදී  සහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ. එෆ්-63 කාණ්ඩයේ යගුලිය විසිකිරීමේ ඉසව්වේදී මීටර් 14.15 ක දක්ෂතාවක් දක්වමින්  තවත් ලෝකඩ පදක්කමක්  දිනා ගැනීමට පාලිත බණ්ඩාර  සමත් වූයේය. එය ඔහුගේ හොදම පුද්ගලික දක්ෂතාවය ද වෙයි.

ඩයලොග් ආසිආටා පී.එල්.සී යනු වොලිබෝල්, දැල්පන්දු සහ විද්යුත් ක්‍රීඩා (Esports) ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා වේ. මෙයට අමතරව ඩයලොග් සමාගම ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි, පාසල් රග්බි, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් තරගාවලිය සමග සමීපව කටයුතු කරයි. ඊට අමතරව යුධ හමුදා පැරා ක්‍රීඩා උළෙල, ජාතික පැරා ක්‍රීඩා උළෙල සහ ලෝක පැරාලිම්පික් උළෙල සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම් බලගන්වමින් පැරා ක්‍රීඩාව සමගද ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම සමීපව කටයුතු කරයි.

- 223


අදහස් (0)

ශ්‍රී ලාංකිකයෝ නව වාර්තා 2 ක් තබති : පදක්කම් 6 ක් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.