Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවෙන් 20 ක කණ්ඩායමක්
ආසියානු මලලක්‍රීඩා ශූරතාවලිය

ශ්‍රී ලංකාවෙන් 20 ක කණ්ඩායමක්

editorial - 2025 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොරියාවේදී මැයි 27 වැනිදා ආරම්භ වන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිර්දේෂ කර තිබේ.

එහිදී සහාය දිවීමේ ඉසව් හතරකටද ශ්‍රී ලංකාව සහභාගි වේ. තරගාවලිය මැයි 31 වැනිදා දක්වා දකුණු කොරියාවේ ගුමි නුවරදී පැවැත්වේ.

මෙම තරගාවලියට මේ වන විට ඇමරිකාවේ වෙසෙන ආසියානු රන් පදක්කම්ලාභී මැදි දුර ධාවන ශූරි තරුෂි කරුණාරත්න සහභාගි නොවේ. එහෙත් පළමු වතාවට මෙම තරගාවලියට ඉතාලියේ වෙසෙන පොදු රද මඩුලු ක්‍රීඩා  ලෝකඩ පදක්කම්ලාභී ශ්‍රී ලංකා  සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගි වේ.

ඔහු වසර 2022 අගෝස්තු මාසයේදී පැවැති බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වීමෙන් පසුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන  ප්‍රමුඛතම ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය මෙයයි.

මෙවර ආසියානු ශූරතාවලියේදී ඉසව් 10 කට සහභාගි වෙමින් ශ්‍රී ලංකාව අවම පදක්කම් අටක් දිනා ගැනීමේ චේතනාවෙන් පසු වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි.

අවසන් වරට පැවැති 2023 බැංකොක් ආසියානු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් අටක් දිනා ගැනීමට සමත් විය.

එහිදී මීටර 400 (කාන්තා) ඉසව්වෙන් නදීෂා රාමනායක, මීටර 800 (කාන්තා) ඉසව්වෙන් තරුෂි කරුණාරත්න හා ශ්‍රී ලංකා මීටර 4 x400 (පිරිමි) කණ්ඩායම රන් පදක්කම් දිනාගත්තේය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ආරම්භ වූ 1973 (මරිකිනා - පිලිපීනය) වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව රන් පදක්කම් 22 ක් රිදී පදක්කම් 20 ක් හා ලෝකඩ පදක්කම් 24 ක් දිනා ඇත. එය තරගාවලියේ දකුණු ආසියානු කලාපයේ රටක් විසින් මේ දක්වා හිමි කර ගත් දෙවැනි වැඩිම රන් පදක්කම් ගණනත් වේ.

තරගාවලියේ මෙතෙක් වැඩිම පදක්කම් දිනා සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයේ පසුවේ. තරගාවලියේ මේ දක්වා වැඩිම රන් පදක්කම් ගණනක් දිනා ඇත්තේ චීනයයි. එය ගණනින් 325 කි. ඉන්දියාව එහිදී රන් පදක්කම් 94ක් දිනා ඇත.

 

26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේෂ ලද ශ්‍රී ලංකා කණ්ඩායම

පිරිමි : -

යුපුන් අබේකෝන් (මීටර100 මීටර 200 හා මීටර 4 x 100),චමෝද් යෝධසිංහ (මීටර100 හා මීටර 4 x 400), මෙරෝන් විජේසිංහ ( මීටර 4 x 400), දෙනෙත් වීරරත්න (මීටර 4 x 100), එච්.ඩී.එම්.සී.බී.දිසානායක (මීටර 4 x100), කාලිංග කුමාරගේ (මීටර 4 x 400 - මිශ්‍ර සහය), අරුණ දර්ශන ( මීටර 4 x 400 - මිශ්‍ර සහය සහ මීටර  4 x 400 - මිශ්‍ර සහය), සදෙව් රාජකරුණා (මීටර 4 x 400), ඔමෙල් ශෂින්ත ( මීටර   4 x 400), කල්හාර ඉන්දූප (මීටර 4 x400),සුමේධ රණසිංහ (හෙල්ල විසි කිරීම), රුමේෂ් තරංග (හෙල්ල විසි කිරීම), ලෙසදු ආතාවිදු (උස පැනීම)

 

කාන්තා : -

නදීෂා රාමනායක (මීටර 400 - මීටර 4 x 400 - මිශ්‍ර සහය), සයුරි ලක්ෂිමා මෙන්ඩිස් (මීටර 4 x 400 - මිශ්‍ර සහය), නිෂේන්ද්‍රා ප්‍රනාන්දු (මීටර 4 x 400), ජයෙෂි උත්තරා (මීටර 4 x 400), ජිත්මා  විජේතුංග (මීටර 4 x 400), දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම), රසාරා විජේසූරිය (මීටර 5000 - මීටර 10000)

 


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් 20 ක කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.