ඉ
න්දියාවේ කේරල ප්‍රාන්තයේදී පැවැති ආසියානු (ඉහළ ශ්‍රේණියේ) සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 6 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. රන්සිළු ජයතිලක, ඉන්දික පරණගම, ධනුෂ්ක කොඩිකාර, අතුල විජේවික්‍රම සහ හිරාන් ප්‍රනාන්දු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
ඉන් පදක්කම් රන් 3 ක්ම දිනාගැනීමට කිලෝ ග්‍රෑම් 120 බර පංතිය නියෝජනය කරමින් තරගාවලියට එක්වූ රන්සිළු ජයතිලක සමත් විය. ‘ස්කොට්’ ක්‍රමයට කිලෝ ග්‍රෑම් 285 ක්ද, ‘ඩෙඞ් ලිෆ්ටි’ ක්‍රමයට කිලෝ ග්‍රෑම් 315.5 ක්ද ඔසවමින් රන් පදක්කම් 2 ක් දිනාගත් රන්සිළු, කිලෝ ග්‍රෑම් 735 ක් ඔසවමින් එම බර පංතියේ මුලු බර එකතුවේ රන් පදක්කමද දිනාගත්තේය.
රන්සිළුට අමතරව විවෘත අංශය යටතේ තරගාවලියට සහභාගි වූ ඉන්දික පරණගම කිලෝ ග්‍රෑම් 105 බර පංතියේ ‘ස්කොට්’ කාණ්ඩයේ රිදී පදක්කම දිනාගත් අතර ධනුෂ්ක කොඩිකාර කිලෝ ග්‍රෑම් 93 බර පංතියේ ‘ස්කොට්’ කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනාගත්තේය.
වයස අවුරුදු 40 ට වැඩි ප්‍රවීණ තරගකරුවන් සඳහා පැවැති තරග වලදී කිලෝ ග්‍රෑම් 105 බර පංතියේ ‘ස්කොට්’ සහ ‘ඩෙඞ් ලිෆ්ටි’ රන් පදක්කම් දෙක සහ මුලු බර එකතුවේ රන් පදක්කම දිනාගැනීමට අතුල විජේවික්‍රම සමත් වූයේය. කිලෝ ග්‍රෑම් 93 බර පංතියේ ‘ස්කොට්’ සහ ‘ඩෙඞ් ලිෆ්ටි’ ලෝකඩ පදක්කම් දෙක සහ මුලු බර එකතුවේ ලෝකඩ පදක්කම දිනාගැනීමට හිරාන් ප්‍රනාන්දු සමත් විය.
ආසියානු සවි එසවීමේ සම්මේලනය, ලෝක සවි එසවීමේ සම්මේලනය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ආසියානු රටවල් 17 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.