Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට පදක්කම් 10ක්

ශ්‍රී ලංකාවට පදක්කම් 10ක්

editorial - 2023 ඔක් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ ‘හංජෝ’ නුවරදී පැවැත්වෙන සිවු වැනි ආසියානු පැරා ක්‍රීඩා  උළෙලේදී ශ්‍රී ලංකාව ඊයේ (27) දිනාගත් රිදී පදක්කම් දෙකත් සමග එතෙක් හිමිකර ගෙන  තිබූ මුළු පදක්කම් ගණන 10ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

ඒ රන් පදක්කම් දෙකක් රිදී පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කම් තුනක් පරිදිය.  එහිදී එම පදක්කම් ජයග්‍රහනයත් සමග ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙලේ 18 වැනි ස්ථානයට ඊයේ දිනය නිමාවේදී පත්ව තිබුණි.

‘හංජෝ’ ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ දිනයේදී දුර පැනීම – ටී 64 (පිරිමි - එක් අතක් අප්‍රාණික හෝ අහිමි කාණ්ඩය) ඉසව්වෙන් මීටර 6.68කට රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික ගමගේ සමත් විය. ඔහු ගැන මෙවර  ක්‍රීඩා උළෙලේදී විශේෂයෙන් කතා බහට ලක්වූයේ මෙම වර්ගීකරණ කාණ්ඩයේ (ටී-44) මීටර 100 (පිරිමි) ඉසව්වෙන් ඔහු රන් පදක්කම දිනා ගැනීමට සමත්වීමෙනි.

ඒ අනුව නුවන් මෙවර ක්‍රීඩා උළෙලේ දී ද්විත්ව පදක්කම්ලාභියා බවට පත්වූ එකම ශ්‍රී ලාංකිකයා බවට පත්ව සිටියි.  ඒ අතර ඊයේ දිනයේදී සෙසු රිදී පදක්කම දිනා දුන් ගෞරවණීය ශ්‍රී ලාංකිකයා වූයේ අනිල් ප්‍රසන්න ජයරත්නයි.

ඒ. ටී -  63 හෙවත් පාදයක් දරණහිසට ඉහළින් අහිමි හෝ අප්‍රාණික-(පිරිමි) කාණ්ඩයෙනි. මේ අතර පෙරේදා (26)  දිනයේදීත් ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා එක් ලෝකඩ පදක්කමක් ක්‍රීඩා උළෙලේදී අත්කර ගෙන තිබුණි.

 ශලිකා බස්නායක පිහිනුම් ඉසව්වෙන් එහිදී රිදී පදක්කමක් හිමිකර ගත්තේ (එක් පාදයක් අප්‍රාණික හෝ අහිමි- කාන්තා  එස් 9) කාන්තා කාණ්ඩයෙන් මීටර 400-නිදහස් ආර ඉසව්වට තරග වදිමිනි.

නවීඩ් රහීම් එහිදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තේද මීටර 400- නිදහස් ආර එස්-9 කාණ්ඩයෙනි. ඒ එක් පාදයක් ආබාධ හෝ අහිමි කාන්තා කාණ්ඩය යටතේය. ඒ අනුව ශ්‍රී ලංකාව ක්‍රීඩා උළෙලට තරග වැදීම රුවල් ඔරු ක්‍රීඩා ඉසව්වට සහභාගිවීමෙන් පසුව අද (28) නිමාවට පත් කෙරේ.

 ක්‍රීඩා උළෙලේ නිමාවත් අද දිනයේදී සිදුවන අතර ඊයේ දිනය නිමා වනවිට සත්කාරක චීනය රන් පදක්කම් 200ක් දක්වා දිනා  මුළු පදක්කම් 500ක් ඉක්මවා යමින් එහි සමස්ත ජයග්‍රහණය සහතික කර තිබුණි.

ඒ වනවිට පදක්කම් සටහනේ දෙවැනි තැන හිමි කරගෙන සිටි ජපානය දිනා සිටියේ රන් පදක්කම් 39ක් පමණි.


අදහස් (0)

ශ්‍රී ලංකාවට පදක්කම් 10ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.