Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී මේ මස 22 වැනිදා ආරම්භ වන ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට ශ්‍රී ලංකාව ප්‍රමාද වී අයැදුම්පත යොමු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම තරගාවලිය අහිමිවී ඇති බව වාර්තා වේ.
මිශ්‍ර කණ්ඩායම් තරගාවලියක් වන මෙම තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම පසුගිය ජූනි මස 20 වැනිදා අවසන් වී ඇති නමුත් ශ්‍රී ලංකාව අයැදුම්පත යොමු කර ඇත්තේ නියමිත දිනට පසුව බව වාර්තා වේ.
මෙම තරගාවලිය පිළිබඳව අසියානු බැඩ්මින්ටන් සංගමයෙන් අයැදුම්පත් කැඳවීම අවසන් කිරීමට මාසයකට පමණ පෙර පිටු නවයකින් යුත් විස්තර ඇතුළත් ලිපියක් යොමුකර තිබුණද එය බැඞ්මින්ටන් පාලකයන්ට මඟ හැරී ඇති බවට තතු දන්නෝ චෝදනා කරති.
මෙම තරගාවලියට සහභාගි වන රටකට සහන මිලට ගුවන් ප්‍රවේශපත්, හෝටල් කාමර තුනක් දින නවයකට නොමිලයේ සපයන බව ආසියානු බැඞ්මින්ටන් සංගමය එම ලිපියේ සඳහන් කර ඇති බවද වාර්තා වේ.
බැඩ්මින්ටන් බලධාරීන්ගේ නොසැළකිලිමත්කම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට ආසියානු බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් අහිමිවී තිබේ. බලධාරීන්ගේ ක්‍රියාකළාපය හේතුවෙන් කනිෂ්ඨ බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැඩි අපහසුතාවට සහ අසාධාරණයකට පත්ව සිටිති.
මෙම තරගාවලියේ කුසපත් ඇදීමට රටවල් 18 ක් ඇතුළත්ව සිටින අතර එයට ශ්‍රී ලංකාව ඇතුළතව නැත.
ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලධාරී මණ්ඩලය විසුරුවා හැර මේ වන විට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් බැඩ්මින්ටන් පාලනය පවත්වාගෙන යයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.