Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට අවසන් ස්ථාන දෙක

ශ්‍රී ලංකාවට අවසන් ස්ථාන දෙක

editorial - 2021 නොවැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේ ‘ෆුකෙට්’ නුවර දී නිමාවට පත් වූ ආසියානු වෙරළ වොලිබෝල් තරඟමාලාවේදී ශ්‍රී ලංකාව සහභාගී වූ සියලුම තරඟ පරාජයට පත්වීමෙන් කාන්තා හා පිරිමි තරඟාවලි දෙකේම අවසන් ස්ථානවලට පත් විය.

ශ්‍රී ලංකාව තරඟමාලාවට කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙක බැගින් සහභාගී කළේය. ශ්‍රී ලංකාව එම තරඟමාලා දෙකේ දී පරාජයට පත් වූ තරඟ ගණන 12 කි.

පිරිමි තරඟාවලියට රටවල් 9 කින් කණ්ඩායම් 20 ක් ද හා කාන්තා තරඟාවලියට රටවල් 8 කින් කණ්ඩායම් 19 ක් ද සහභාගී වූහ. එහි දී පිරිමි රන් පදක්කම ඕස්ට්‍රේලියාව විසින් ද හා කාන්තා රන් පදක්කම සත්කාරක තායිලන්තය විසින් ද දිනා ගන්නා ලදි.

ශ්‍රී ලංකාව මෙම තරඟමාලාවට (කාන්තා හා පිරිමි) සහභාගී වූයේ ද පසුගිය තරඟාවලියේ ශ්‍රේණිගත කිරීම් අනුව 11 වැනි ස්ථානයන්හි පසු වෙමිනි.

ශ්‍රී ලංකාව (පිරිමි) මූලික වටයේ දී ඕස්ට්‍රෙලියාවට එරෙහිව එක් වටයක් ජය  ගත්තේය. කාන්තා තරඟාවලියේ දී සිංගප්පූරුවට එරෙහිව පැවැති තරගයක දී එක් වටයක ජය වාර්තා විය. අසේන් රස්මික හා මලින්ත යාපාගෙන් සමන්විත ශ්‍රී ලංකා පිරිමි ‘බී’ කණ්ඩායම හා දිනේෂා ප්‍රසාදි හා නිර්මාණි ජයවර්ධනගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කණ්ඩායම මෙවර තරඟමාලාවේ දී ශ්‍රී ලංකාව වාර්තා කළ බව ජයග්‍රාහන දෙකක් සඳහා උර දුන්හ.


තරඟ ප්‍රතිඵල
පිරිමි  තරඟාවලිය
ශ්‍රී ලංකා - ‘බී’ කණ්ඩායම (ඉන්දික ටිරෝන් සහ සඳුන්  මධුශංඛ)
ජපානයට හමුවේ වට 2-0 කින් පරාජය විය (17/21 – 17 – 21)
ශ්‍රී ලංකා - ‘බී’ කණ්ඩායම (ඉන්දික ටිරෝන් සහ සඳුන්  මධුශංඛ) කසකස්ථානය හමුවේ වට 2-0 කින් පරාජය විය. (14/21 – 14/21)
ශ්‍රී ලංකා - ‘බී’ කණ්ඩායම (අසේන් රස්මික සහ මලිත්ත යාපා)
ඕස්ට්‍රේලියාව හමුවේ වට 2-1 කින් පරාජය විය. (22/20 – 18/21, 10-15)
ශ්‍රී ලංකා - ‘බී’ කණ්ඩායම (අසේන් රස්මික සහ මලිත්ත යාපා) ඉරානය හමුවේ වට 2-1 ක පරාජයක් ලැබීය. (14/21 – 17/21)

අවසන් පූර්ව වටය
ඉරානය විසින් කසකස්ථානය වට 2-0 කට (21/12, 21/14) පරාජය කරන ලදි.
ඕස්ට්‍රේලියාව විසින් කටාරය වට 2-0 කට (21/16, 21/19) පරාජය කරන ලදි.
තෙවැනි ස්ථානය තෙරීම් තරගය
කටාරය විසින් කසකස්ථානය වට 2-0 කට (21/15, 21/15) පරාජය කරන ලදි.

අවසාන මහ තරගය
ඕස්ට්‍රේලියාව විසින් ඉරානය වට 2-0 කින් (21/16 – 21/13) පරාජය කරන ලදි.


කාන්තා තරඟාවලිය
ශ්‍රී ලංකා - ‘ඒ’ කණ්ඩායම (දීපිකා බණ්ඩාර සහ හෂිණි මල්ෂා)
පිලිපිනයට එරෙහිව වට 2-0 ක (20/22 – 12/21) පරාජයක් ලැබීය.
ශ්‍රී ලංකා - ‘ඒ’ කණ්ඩායම (දීපිකා බණ්ඩාර සහ හෂිණි මල්ෂා) ඕස්ට්‍රෙලියාවට (ඒ) එරෙහිව වට 2-0 ක (15/21 – 05/21) පරාජයක් ලැබීය.
ශ්‍රී ලංකා - ‘ඒ’ කණ්ඩායම (දීපිකා බණ්ඩාර සහ හෂිණි මල්ෂා) කසකස්ථානයට එරෙහිව වට 2-0 ක (19/21 – 15/21) පරාජයක් ලැබීය.
ශ්‍රී ලංකා - ‘බී’ කණ්ඩායම (දිනේෂා ප්‍රසාදි සහ නිල්මිණී ජයවර්ධන)
තායිලන්තය ‘බී’ පිලට එරෙහිව වට 2-0 ක (10/21 – 09-21) පරාජයක් ලැබීය.
ශ්‍රී ලංකා - ‘බී’ කණ්ඩායම (දිනේෂා ප්‍රසාදි සහ නිල්මිණී ජයවර්ධන) ඕස්ට්‍රේලියානු ‘බී’ කණ්ඩායමට එරෙහිව වට 2-0 ක (07/21 – 11/21) පරාජයක් ලැබීය.
ශ්‍රී ලංකා - ‘බී’ කණ්ඩායම (දිනේෂා ප්‍රසාදි සහ නිල්මිණී ජයවර්ධන) ජපානයට එරෙහිව වට 2-0 ක (11/21 – 09/21) පරාජයක් ලැබීය.
ශ්‍රී ලංකා - ‘බී’ කණ්ඩායම (දිනේෂා ප්‍රසාදි සහ නිල්මිණී ජයවර්ධන) සිංගප්පූරුවට එරෙහිව වට 2-1 ක (21/18 – 15/21 – 11/15) පරාජයක් ලැබීය.

අවසන් පූර්ව වටය
තායිලන්තය විසින් ඕස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම වට 2-0 කට (21/16 – 21/17) පරාජය කරන ලදි.
ජපානය විසින් ඕස්ට්‍රේලියානු ‘බී‘ කණ්ඩායම  වට 2-1 කින් (17/21 – 26/24 – 15/13) පරාජය කරන  ලදි.

තෙවැනි ස්ථානය තේරීමේ තරගය
ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානු  ‘බී’ කණ්ඩායම වට 2-0 කින් පරාජය කරන ලදි (21/17 – 22/20)

අවසන් මහ තරගය
තායිලන්තය විසින් ජපානය වට 2-0 කින් පරාජය කරන ලදි. (29/27 – 27/19)


අදහස් (0)

ශ්‍රී ලංකාවට අවසන් ස්ථාන දෙක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.