දකුණු කොරියාවේ ‘ඉචියොන්’ හිදී දැන් පැවැත්වෙන පැරා ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාව, ඊයේ (23) දිනය නිමාවේදී රන් පදක්කමක්, රිදී පදක්කම් හයක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනාගනිමින් කී‍්‍රඩා උළෙලේ 19 වැනි ස්ථානයට පත්ව සිටියේය.
ඒ පදක්කම් දිනාගත් රටවල් 31 ක් අතරිනි. කී‍්‍රඩා උළෙලට සහභාගිවී සිටින රටවල් ගණන 45 කි.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව රිදී පදක්කම් දෙකක් සිය පදක්කම් ගොන්නට එක්කර ගත්තේය.
ඒ මීටර 800 පිරිමි - ආබාධිත ඉසව්වෙන් ප‍්‍රදීප් සංජය (විනාඩි 1 යි තත්ත්පර 8.68) සහ මීටර 100 පිරිමි - ආබාධිත ඉසව්වෙන් අමිල මධුරංග (තත්ත්පර 12.40) විසිනි.
මෙවර කී‍්‍රඩා උළෙලේ මෙතෙක් ශ්‍රී ලංකාව දිනාගත් එකම රන් පදක්කමට හිමිකම් කීවේ අනිල් ප‍්‍රසන්නය. ඒ මීටර 200 පිරිමි - දණහිසෙන් පහළ ආබාධිත (තත්ත්පර 27.24) ඉසව්වෙනි.
ශ්‍රී ලංකාව මෙවර කී‍්‍රඩා උළෙලේදී වඩාත් ඉහළ දස්කම් පළකරමින් සිටින අතර ගියවර තරගාවලියේදී එක් රන් පදක්කමක් සමග පදක්කම් 9 ක් ශ්‍රී ලංකාව හිමිකර ගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.