Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව පල්ලම් බසියි

ශ්‍රී ලංකාව පල්ලම් බසියි

editorial - 2023 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සිකුරාදා (30) සිදුකළ නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව යළිත් 204 දක්වා පහළට වැටී තිබේ. කෙසේ වුවත් ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට පසුගිය සිකුරාදා දක්වා අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 202 වැනි ස්ථානයේ පසුවෙමින් සිටියදී නැවත 204 ස්ථානයට පත්ව තිබේ.

එහෙත් වසර 2023 ජුනි මාසය වන තෙක් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ පිරිමි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 207 වැනි ස්ථානය තෙක් පහළටම වැටී තිබුණි.

එම නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ආසියාවේ 45 වැනි ස්ථානය හිමිකර ගෙන සිටින්නේ එහි අවසන් (46 වැනි) ස්ථානයෙන් තවදුරටත් ගැළවෙමිනි.

එහෙත් 2022 වසරේ සිට 2023 ජුනි මාසය දක්වා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 207 දක්වා පහළට ශ්‍රී ලංකාව කල් ගෙවන විට ඔවුන්ට ආසියාවේ හිමිව තිබුණේ අවසන් (46 වැනි) ස්ථානයයි.

ශ්‍රී ලංකාව එයින් මිදුණු පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුකළ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව අවසන් ස්ථානය ගුවාම් රාජ්‍යයි. ඔවුන් තවදුරටත් එම ස්ථානයේම රැඳී සිටියි. ගුවාම් රාජ්‍යය අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේදී ලෝක කුසලාන (2026) සුදුසුකම් තරග වටයේ පසුගිය ඔක්තෝබර් මාසයේ පැවැති තරග දෙකකදී සිංගප්පූරුවට පරාජය විය.

ලෝක කුසලාන (2026) සුදුසුකම් පළමු තරග වටයේදී ශ්‍රී ලංකාවට මුණ ගැසුණු යේමනය පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 3-0 කට පරාජය කළේය. කොළඹදී දෙපිළ මුණ ගැසුණු දෙවැනි තරගය ගෝල 1-1 කට සමවීමෙන් අවසන් විය. ඒ අනුව එම තරග දෙකේ ප්‍රතිඵලයක් ද මත ශ්‍රී ලංකාව අලුත්ම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේදී පසුබෑමට ලක්ව තිබේ.

වසර 2021 නොවැම්බර් 16 වැනිදා කොළඹ පැවැති අගමැති කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ගෝල 2-1 කට බංග්ලාදේශය පරාජය කිරීමෙන් පසුව මෙතෙක් ජාත්‍යන්තර පාපන්දු තරගයක් ජය ගැනීමට ඔවුන්ට හැකිවී නැත. යේමනයට පළමු මූලික වටයෙන්ම පරාජයවීමෙන් ශ්‍රී ලංකාව 2026 ලෝක කුසලාන තරග සහභාගීත්වය එයින්ම අවසන් කර ඇත.

සිකුරාදා සිදුකළ නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 2022 (කටාර්) ලෝක කුසලාන ජයගත් ආජන්ටිනාව තවදුරටත් අංක එකේ පසුවන අතර දෙවැනි තැන ප්‍රංශයට හිමිව තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව පල්ලම් බසියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.