Last Update  :  2024-04-28 19:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනයි

ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනයි

editorial - 2023 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ කැරිබියන් දූපත්හිදී දැන් පැවැත්වෙන හත් වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට පසුගිය 09 වැනිදා නිමවන විට සමත්ව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රීඩක අඹගමුව මධ්‍ය මහා විදුහලේ අයොමාල් අකලංක කුඩලියනගේ තත්පර 51.61කට මීටර 400 කඩුලු (බාලක) ඉසව්වෙන් රිදී පදක්කම පෙරේදා දිනා ගන්නා අතර ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමි වූයේ උස පැනීම (බාලක) ඉසව්වෙනි. දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලේ ශිෂ්‍යයකු වන නිලුපුල් පැහැසර තේනුජ මීටර 2.00ක දක්ෂතාවක් දක්වමින් එහි ලෝකඩ පදක්කම ලැබීය. මේ ඉසව්වේ තරග වැදුණු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන ලෙසඳු ආතාවිදු මීටර 1.95කට සිව් වැනි ස්ථානයට පත්විය. ඔහු බොරැල්ල ඩී.එස්. සේනානායක විදුහලේ සිසුවෙකි.

කඩුලු පැනීමේ ක්‍රීඩක අයොමාල් අකලංක රිදී පදක්කම ලබා ගන්නා අතර මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජැමෙයිකානු ක්‍රීඩක ඩැනියල් සීඩැනී රයිට් තත්ත්පර 51.51කට සමත්විය. ඔහු මෙම තරගයට සහභාගි වන විට ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම අනුව අංක එකේ පසු විය.

අයොමාල් මීටර 400ක කඩුලු අවසන් තරගයට ඉහළින්ම නිර්දේශ ලබා ගත්තේ කෙළින්ම පැවැති අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී තත්පර 51.99ක දක්ෂතාවක් දක්වමින් පළමු වැනියාට තරගය නිමා කරමිනි.

මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව මීට පෙර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලවලදී රන් පදක්කම් හා රිදී පදක්කම් තුනක් බැගින් දිනා තිබුණි.

ට්‍රිනිඩෑඩ් හිදී පැවත්වෙන මෙම ක්‍රීඩා උළෙල ඊයේ (11) නිමාවට පත්වන අතර පිහිනුම් හා වෙරළ බොලිබෝල් යන සහභාගි වී සිටින සෙසු ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාව මූලික වටවලදීම පරාජයට පත් විය. ඒ අතර වෙරළ වොලිබෝල් (බාලක) ඉසව්වේ ශ්‍රී ලංකාව සහභාගි වූ මූලික වටයේ සියලු තරගවලින් පරාජයට පත්විය.

අසල්වැසි ඉන්දියාවද පෙරේදා වන විට රිදී හා ලෝකඩ එක් පදක්කමක් බැගින් දිනා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හා සම 18 වැනි ස්ථානයේ පසුවිය.

ඕස්ට්‍රේලියාව ඒ වන විට රන් පදක්කම් 18ක් දිනා පදක්කම් සටහනේ පෙරමුණේ පසුවූයේ ගියවර ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයා වන එංගලන්තයට දැඩි අභියෝගයක් එල්ල කරමිනි.

මෙම තරග සංචාරයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරු ලෙස නම්කර සිටි අනුර බණ්ඩාර මහතාට සංචාරය අත්හිටුවීමට සිදු වූයේ නිව්යෝර්ක් නුවර ගුවන් තොටුපොළ හරහා ගමන් ගැනීමට ඔහුට ඇමරිකාව වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර සිටි බැවිනි.


අදහස් (0)

ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.