Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම කත්මණ්ඩු නුවරට

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම කත්මණ්ඩු නුවරට

editorial - 2023 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නේපාලයේ ‘කත්මණ්ඩු’  නුවරදී ලබන සඳුදා (22) ආරම්භ වන මධ්‍යම ආසියානු අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියට සහභාගි වන සංචාරක ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් (කාන්තා) කණ්ඩායම අද (19) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. මෙම තරගාවලිය සඳුදා සිට මැයි 28 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාව එහිදී උස්බෙකිස්ථානය සමග සිය පළමු තරගයට සඳුදා (22) සහභාගිවීමට සුදානම්ව සිටියි. රටවල් අටක් සහභාගි වන මෙම තරගාවලියේදී අවම තෙවැනි ස්ථානය දක්වා පැමිණෙන කණ්ඩායම් එළැඹෙන ආසියානු ශූරතා වොලිබෝල් (කාන්තා) තරගාවලියට මධ්‍යම ආසියානු කලාපයෙන් නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙම තරග සංචාරය සඳහා වියදම් ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු උස්බෙකිස්ථානය, මාලදිවයින, කසකස්තානය ‘බී’ කාණ්ඩයෙන්ද  සත්කාරක නේපාලය, කිරිකිස්තානය, බංග්ලාදේශය හා ඉන්දියාව ‘ඒ’ කාණ්ඩයෙන්ද මූලික වටයේදී ලීග් ක්‍රමයට තරග වදිති.

අනතුරුව වැඩිම ප්‍රසාද ලකුණු ලාභී කණ්ඩායම් හතරක් අවසන් පුර්ව වටයට පිවිසෙන අතර ඉතිරි කණ්ඩායම් එතැන් සිට ශ්‍රේණිගත තරග සඳහා සහභාගිවීමට නියමිතය.

තෙවැනි ස්ථානය තේරීමේ තරගය හා අවසන් මහ තරගය මැයි 28 වැනිදා පැවැත්වේ. අවසන් පූර්ව තරග පැවැත්වෙන්නේ මැයි 27 වැනිදාය. නවක ක්‍රීඩිකාවන් පිරිසකගෙන්ද සමන්විත මෙවර ජාතික වොලිබෝල් (කාන්තා) කණ්ඩායම් නායිකාව ලෙස තිළිණි වාසනා කටයුතු කරයි.  පළපුරුදු වොලිබෝල් පුහුණුකරුවකු වන චාල්ස් තිලකරත්න මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවායි.

ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමක් විදෙස් තරග සංචාරයකට එක් වන්නේ වසර 2021න් පසුවය. කසකස්තානය සත්කාරක නේපාලය, ඉන්දියාව මෙම තරගාවලියේදී ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් බවට පත්ව සිටිති.

 

මධ්‍යම ආසියානු වොලිබෝල් (කාන්තා) තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයට තරග වදින අයුරු.
• මැයි 22- පෙරවරු 9.30ට උස්බෙකිස්තානයට එරෙහිව
• මැයි 23- පෙරවරු 10 ට කසකස්තානයට එරෙහිව
• මැයි 24- මාලදිවයිනට එරෙහිව
• මැයි 25 සිට 27 දක්වා ශ්‍රේණිගත තරග
• මැයි 28- පෙරවරු 11.30 ට තෙවැනි ස්ථානය තේරීමේ තරගය හා පස්වරු 4.15ට අවසන් මහ තරගය.

 

සංචාරක ශ්‍රී ලංකා වොලිබෝල් (කාන්තා) කණ්ඩායම

අසුන්ගෙන වමේ සිට - කවිෂා ලක්ෂානි (උප නායිකාව), චනිදිමා අකරවිට මහත්මිය (සහාය පුහුණුකරු), තුෂාර පෙරේරා මහතා (කළමනාකරු), කංචන ජයරත්න මහතා (සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), ඒ.එස්. නාලක මහතා (ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), චාර්ල්ස් තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු), ජගත් සේනාධීර (අභ්‍යාසක) තිළිණි වාසනා (නායිකාව).

පසුපස පේලිය වමේ සිට - දිලුසා සංජිවනී, ප්‍රීතිකා ප්‍රමෝදනී, ජේ. තිලක්ෂණා, අප්සරා සෙව්මාලි, ඉරේෂා උමයංගනී, පියුමි භාෂිනී, සංජීවනී කරුණාරත්න, අයේෂා මධුරිකා, අරුණ වසන්ති, කාංචනා චතුරානි, නදුනි හිමංසලා, සචිනි චාරුකා.


අදහස් (0)

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම කත්මණ්ඩු නුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.