Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
චීනයේ නින්ග්බෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේදී මෙම මස 8 වැනිදා සිට 13 දක්වා පැවැත්වෙන ‘නින්ග්බෝ බැඩ්මින්ටන් ඒෂියා’ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි අවධානයක් මෙරට පිරිමි කේවල ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන විරේන් නෙත්තසිංහ වෙත යොමු වී ඇති අතර මේ වන විට ඔහු ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 65 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියි.
ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 108 වැනි ස්ථානයේ පසුවන රනිත්මා ලියනගේද අමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදල් ත්‍යාග පිරිනැමෙන, දින 6 කින් සමන්විත මෙම තරගාවලියේදී ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි අපේක්ෂා කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකි.
මෙම තරගාවලියේ පිරිමි යුගල තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මධුක දුලාංජන සහ ළහිරු වීරසිංහ සහභාගි වන අතර ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා කාන්තා යුගල ඉසව්ව සහඳා සහභාගි වෙති. පසුගිය ජාත්‍යන්තර තරගවාරයේදී පදක්කම් කිහිපයක්ම දිනාගනිමින් දස්කම් පෑ හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්නද එහිදී කාන්තා යුගල ඉසව්ව සඳහා තරග වදිති.
තුලිත් පල්ලියගුරුගේ සහ පංචාලි අධිකාරී තරගාවලියේ මිශ්‍ර යුගල තරග ඉසව්වේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර සුදුසුකම් ලැබීමේ තරග වටයේ සිට ඔවුන් තරගාවලියට එක්වනු ඇත. පුහුණුකරුවන් ලෙස රොෂාන් ධම්මික සහ හසිත චානකද, ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙස ඒ.පී.එම්.කේ. ඉෂාරි මහත්මියද ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය නිලධාරීන් ලෙස කටයුතු කරනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.