Last Update  :  2026-04-02 17:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පාසැල් බැඩ්මින්ටන් සංගමයේ නව සභාපතිනිය ආචාර්ය සුමේධා ජයවීර

ශ්‍රී ලංකා පාසැල් බැඩ්මින්ටන් සංගමයේ නව සභාපතිනිය ආචාර්ය සුමේධා ජයවීර

editorial - 2026 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වාද්දුව දයා හේමන්ත සිල්වා)

ශ්‍රී ලංකා පාසැල් බැඩ්මින්ටන් සංගමයේ 2026/2027 පාලන කාලය සඳහා නව නිලධාරීන් පත් කරගැනීමේ නිලවරණය අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේදී පසුගිය 31 වැනිදා පැවැත්විණ. අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක (ක්‍රීඩා) දිල්රුක් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම නිලවරණයේදී සංගමයේ නව සභාපතිනිය වශයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන ආචාර්ය ජේ. සුමේධා ජයවීර මහත්මිය තේරී පත්වූවාය.

සංගමයේ නව ලේකම්වරයා ලෙස පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය ඒ, සුමිත් චන්ද්‍රසිරි ද සිල්වා මහතා නිතරගයෙන් පත්විය.

 

ශ්‍රී ලංකා පාසැල් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරී මණ්ඩලය

සභාපතිනිය - ආචාර්ය ජේ. සුමේධා ජයවීර මහත්මිය (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහල)

නියෝජ්‍ය සභාපති - ආර්.එස්.එන්. මද්දුම හේවාගේ මහතා (රිච්මන්ඩ් විද්‍යාලය - ගාල්ල)

උප සභාපති - පී.ඒ.ඩී.පී. නිශාන්ත මහතා - (නි/විදුහල්පති - රාජකීය විදුහල -කොලඹ )

ලේකම් - සුමිත් චන්ද්‍රසිරි ද සිල්වා (පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය)

භාණ්ඩාගාරික - ඩර්වින් ප්‍රියංකර සිල්වා (දේවානන්ද විද්‍යාලය   අම්බලංගොඩ )

තාක්ෂණික නිලධාරීනී  - මාලිකා වඩුගේ මහත්මිය ( සිරිධම්ම විදුහල - ලබුදූව )

භාෂා පරිවර්තක - ජේ.විද්‍යා භාරත් මහතා - ශාන්ත අන්තෝනි විදුහල - මහනුවර

 


අදහස් (0)

ශ්‍රී ලංකා පාසැල් බැඩ්මින්ටන් සංගමයේ නව සභාපතිනිය ආචාර්ය සුමේධා ජයවීර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.