Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු තරග මාලාව හෙට සිට

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු තරග මාලාව හෙට සිට

editorial - 2023 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසරේ සංවිධානය කෙරෙන ප්‍රධානතම අන්තර් පාසල් දැල්පන්දු තරගාවලිය වන ශ්‍රී ලංකා පාසල් ‘මයිලෝ’ කුසලාන දැල්පන්දු තරග මාලාව (අවසන් අදියර) හෙට (2) පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වේ.

දිවයින පුරා පාසල් කණ්ඩායම් 1200කගේ සහභාගිත්වයෙන් මධ්‍යස්ථාන 15ක දී පැවති තරගාවලිය මූලික වටයේ දී නිර්දේශ ලබාගත් කණ්ඩායම් 360ක් ඉරිදා හා සඳුදා (3-4) දිනවලදීත් පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙන එහි අවසන් වටයට සහභාගි වෙති.

වයස කාණ්ඩ හතරක් යටතේ තරග මාලාව පැවැත්වීමේ දී වයස 13න් පහළ (විවෘත) 15න් පහළ 17න් පහළ හා 19න් පහළ පරිදි එම වයස් කාණ්ඩ සමන්විතය. වයස 13න් පහළ පරිදි එම වයස් කාණ්ඩ සමන්විතය. වයස 13න් පහළ කාණ්ඩය හැරෙන්නට සෙසු සියලු කාණ්ඩ ‘ඒ’ හා ‘බී’ පරිදි අනු කාණ්ඩ දෙකකින් තරග වදිති.

‘බී’ කාණ්ඩය සිසුන් දහසකට අඩු පාසල් සඳහා වෙන්කර තිබේ. මෙම තෙදින පුරා පොළොන්නරුවට ළඟා වන කණ්ඩායම්වලට අයත් සිසුවියන් 4300කට වැඩි පිරිසකට පහසුකම් සැලසීම සඳහා අවට පාසල් පහක් වෙන්කර තිබේ.

සමාරම්භක උත්සවය සෙනසුරාදා පෙරවරු 9ට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සමාප්ති උත්සවය හා ජය සංකේත ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත්තේ සඳුදා පස්වරු 3ටය.

 

සමස්ත ලංකා පාසල් දැල්පන්දු තරග මාලාවට 30 වැනි වසරටත් අනුග්‍රහය දක්වන නෙස්ලේ ලංකා සමාගම වෙනුවෙන් එහි උප සභාපති වත්තල එගොඩගේ මහතා විසින් ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමයේ සභාපතිනි නිරෝධා අබේවික්‍රම මහත්මියට මෙම අනුග්‍රහය ප්‍රදානය කළ අයුරු.

එම සංගමයේ ලේකම් ෂිරෝමි කුරුප්පු, භාණ්ඩාගාරික ශ්‍යාමන් විතාරනවසම්, තරග ලේකම් පී.ඒ.ඩී.එස්. කාංචන, නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ප්‍රවර්ධන) සජීව වික්‍රමසිංහ, එහි අධ්‍යක්ෂ රුවන් වැලිකල යන මහත්ම මහත්මීන් ද මෙහි වෙති.


අදහස් (0)

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු තරග මාලාව හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.