Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පිරිමි පිල දෙවැනි වටයෙන් හැළෙයි

ශ්‍රී ලංකා පිරිමි පිල දෙවැනි වටයෙන් හැළෙයි

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මේසපන්දු (පිරිමි) කණ්ඩායම් ඉසව්වේ දෙවැනි වටයේදී ඕස්ට්‍රේලියාව හමුවේ 3-0 ක් ලෙස පරාජට පත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය.

එහිදී පළමු කේවල තරගය වට 3-0 ක් ලෙස පරාජයට පත්වුවද, දෙවැනි කේවල තරගයේදී සහ යුගල තරගයේදී ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයන්ට හොඳ තරගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. එම තරග දෙකේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ වට 3-2 ක් ලෙසිනි.

අද පෙරවරුවේදී පැවැති මූලික වටයේ තරගයකදී 3-0 කින් ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනේඩන්ස් දේශය පරාජය කරමින් ශ්‍රී ලංකාව දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී පළමු සහ දෙවැනි කේවල තරග ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, යුගල තරගයද ජයගනිමින් තවත් කේවල තරග 2 ක් ඉතිරිව තිබියදීම සමස්ත තරගයෙන් 3-0 ක ජයක් ලැබූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කේවල තරග දෙක ජයගැනීමට රොහාන් සිරිසේන සහ උදය රණසිංහ සමත් වූ අතර යුගල තරගයේදී උදය රණසිංහගේ සහයක ක්‍රීඩකයා ලෙස නිර්මල ජයසිංහ තරග වැදිණ.  

අද පැවැති කාන්තා කණ්ඩායම් කණ්ඩායම් ඉසව්වේ මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකාව පරදවා 3-1 ක ජයක් අත්කර ගැනීමට වේල්සය සමත් විය. එහිදී ශ්‍රී ලංකාව එක් කේවල තරගයක් ජයගැනීමට සමත් වූ අතර යුගල තරගය සහ කේවල තරග 2 ක් පරාජයට පත්විය. දෙවැනි කේවල තරගයට සහභාගි වූ ඉෂාරා මධුරංගි තියුණු සටනකින් අනතුරුව වට 3-1 ක් ලෙස එම තරගයෙන් ජය ලැබුවාය.


ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති (පිරිමි) තරගය

පළමු කේවල තරගය
හැමිං හූ (ඕස්ට්‍රේලියාව) විසින් වට 3-0 ක් ලෙස රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (13/11, 11/2, 11/5)

දෙවැනි කේවල තරගය
සින් යැන් (ඕස්ට්‍රේලියාව) විසින් වට 3-2 ක් ලෙස උදය රණසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (8/11, 13/15, 11/5, 11/6, 11/6)

යුගල තරගය
රොහාන් සිරිසේන සහ නිර්මල ජයසිංහ (ඕස්ට්‍රේලියාව) විසින් වට 3-2 ක් ලෙස ඬේව්ඞ් පවෙල් සහ හැමිං හූ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (6/11, 11/3, 11/5, 10/12, 11/2)


ශ්‍රී ලංකාව සහ ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනේඩන්ස් දේශය අතර පැවැති (පිරිමි) තරගය

පළමු කේවල තරගය
රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස රොමානෝ ස්පෙන්සර් (ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනේඩන්ස් දේශය) පරාජය කරන ලදි. (11/3, 11/6, 11/6)

දෙවැනි කේවල තරගය
උදය රණසිංහ (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස කාල්ටන් ඩැනියෙල් (ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනේඩන්ස් දේශය) පරාජය කරන ලදි. (11/2, 11/7, 11/5)

යුගල තරගය
නිර්මල ජයසිංහ සහ රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් වට 3-0 ක් ලෙස ඇන්ඩි්‍ර මිචෙල් සහ රොමානෝ ස්පෙන්සර් (ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනේඩන්ස් දේශය) පරාජය කරන ලදහ. (11/1, 11/8, 11/4)


ශ්‍රී ලංකාව සහ වේල්සය අතර පැවැති (කාන්තා) තරගය

පළමු කේවල තරගය
චාලට් කේරි (වේල්සය) විසින් වට 3-0 ක් ලෙස එරන්දි වරුසවිතාන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/4, 11/6, 11/7)

දෙවැනි කේවල තරගය
ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙස ඇනා හර්සි (වේල්සය) පරාජය කරන ලදි. (11/9, 11/7, 7/11, 12/10, 11/7)

යුගල තරගය
කොල් තෝමස් සහ ඇනා හර්සි (වේල්සය) විසින් වට 3-0 ක් ලෙස ඉෂාරා මධුරංගි සහ හංසනී පියුමිලා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (11/8, 11/9, 11/6)

තෙවැනි කේවල තරගය
චාලට් කේරි (වේල්සය) විසින් වට 3-0 ක් ලෙස හංසනී පියුමිලා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/4, 11/5, 11/8)

 

- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිරිමි පිල දෙවැනි වටයෙන් හැළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.