Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පිලේ නායකත්වය විනෝද්ට

ශ්‍රී ලංකා පිලේ නායකත්වය විනෝද්ට

Nisanka Sandeepani - 2018 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී හෙට (1) ආරම්භ වන ජාත්‍යන්තර කණිෂ්ට ගොල්ෆ් තරගාවලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ  වගකීම  බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ විනෝද් වීරසිංහට හිමිව තිබේ.

පිට පිට දෙවැනි වරටත් ලංකාවේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, පකිස්තානය, තායිලන්තය සහ මැලේසියාව යන රටවල් සහභාගී වීමට නියමිතය. මෙවර තරගාවලිය සඳහා සියලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 108 ක් පමණ සහභාගී වෙති. 

ශ්‍රී ලංකා ජාතික ගොල්ෆ් තේරීම් කමිටුවේ ප්‍රධානි නවීන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙවර ශ්‍රී ලංකා සංචිතය තෝරාගෙන ඇත. 

කණිෂ්ට අංශයේ වත්මන් ශූර විනොද් වීරසිංහ කණ්ඩායටම නායකත්වය ලබා දෙද්දී, කණිෂ්ට අංශයේ ශ්‍රේණිගත කිරීම්  අනුව දෙවැනි ස්ථානයේ පසුවන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආමන්ඞ් ෆ්ලෙමර් කල්දේරාද මෙවර තරගාවලිය සඳහා සහභාගී වේ. 

මෙවර සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් දෙපළක් වන ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ ටානියා බාලසූරිය සහ කොළඹ කාන්තා විද්‍යාලයේ කයිලා පෙරේරා ඇතුළත් වුහ.

වයස 9ත් 9 ට අඩු,  10 ත් 11ට වැඩි, 12ත් 14ට වැඩි සහ 15 ත් 18ට වැඩි යනුවෙන් වයස් කාණ්ඩ 4ක් ඔස්සේ පිළිවෙළින් තඹ, ලෝකඩ, රිදී සහ රන් කාණ්ඩයන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග බිමට පිවිසෙති.
 
හෙට (1) දිනයේදී කේවල තරග පැවැත්වෙන අතර අනිද්දා (2) කණ්ඩායම් තරග පැවැත්වෙනු ඇත. 

1 54

 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිලේ නායකත්වය විනෝද්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.