Last Update  :  2024-05-09 16:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් පිල නේපාලයට

ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් පිල නේපාලයට

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු කලාපීය වයස අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත්දා නේපාලය බලා පිටත්ව ගියේය. මෙම මස 18 වැනිදා සිට 22 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර ට්‍රිපූර්ෂ්වෝර්හි ජාතික ක්‍රීඩා සභා ක්‍රීඩාංගණයේදී ශූරතාවලිය පැවැත්වීමට නියමිතය.

පළපුරුදු සහ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මේ ශුරතාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පුහුණුකරු ලෙස හසිත චානක මහතා තරගාවලියට එක්ව සිටින අතර ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස ධම්මිකා විතානගේ මහත්මියද සංචාරයට එක්වූවාය.

රනිත්මා ලියනගේ, නෙත්මි අමායා රත්නායක, සිතුලි රණසිංහ සහ රනුමි සුහස්නි මානගේ යන ක්‍රීඩිකාවෝ සහ සෙනුත් සෙත්මිණ පෙරේරා, කෙනෙත් අරුග්ගොඩ, තිඩද ඉරුෂික වේරගොඩ සහ හිරුක සහන්මිත් යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙති.

-036


අදහස් (0)

ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් පිල නේපාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.