Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කනිෂ්ට බැඩ්මින්ටන් පිල ඉන්දුනීසියාවට

ශ්‍රී ලංකා කනිෂ්ට බැඩ්මින්ටන් පිල ඉන්දුනීසියාවට

editorial - 2023 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (9 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය. මිශ්‍ර කණ්ඩායම් තරග සහ කේවල තරග ඇතුළත් මෙම තරගාවලිය ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ඉන්දුනීසියා බැඩ්මින්ටන් සංගමය ශූරතාවලිය සංවිධාන කරයි.

කණ්ඩායම් 14 ක් තරග වදින මිශ්‍ර කණ්ඩායම් තරග හෙටින් (11 වැනිදා) අවසන් වන අතර කේවල තරග අනිද්දා (12 වැනිදා) සිට 16 වැනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිතව ඇත්තේ කේවල තරග සඳහා පමණි.

තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කනිෂ්ට බැඩ්මින්ටන් කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස බිමල් කොතලාවල මහතාද, ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙස සුමිත්‍රා දිසානායක මහත්මියද කටයුතු කරති.  


ශ්‍රී ලංකා බාලක කණ්ඩායම
චමුදිත ප්‍රනාන්දු, නිම්නද ආශිංස, සිහිලැල් අභිෂේක්, සිනෙත් මන්තුක, මොහොමඩ් සාජිඩ්, විදුෂ් රවිෂ්ම, සනූජ නෙත්මිර, මෙනුල මින්දිනු, අනුක් ශානිල්ක සහ නවිඳු ලෝචන


ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම
රනිත්මා තිනුදි, ඉරූෂි අමන්දි, ප්‍රවීනා තේෂානි, නෙතංගා වින්දිනි, සනාදි දහම්සා, දෙව්මි මිතාරා, දෙව්නි තිසඳි, හියුමි හසාරා සහ චිරන්‍යා ජයවර්ධන.

 


අදහස් (0)

ශ්‍රී ලංකා කනිෂ්ට බැඩ්මින්ටන් පිල ඉන්දුනීසියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.