Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවේදී පැවැත්වෙන 13 වැනි ‘තුන්කු ජෆාර් කුසලාන’ වයස 15 න් පහළ අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියට සහභාගි වන පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස 15 න් පහළ ක්‍රිකට් පිල ඉරිදා (02) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ මැලේසියාව යන රටවල් හතරේ සහභාගිත්වයෙන් මේ මස 4 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ශූරතාව 12 වරක් දිනා ඇති අතර පසුගිය වසරේ ද ශූරයන් බවට පත්විය.
ශ්‍රී ලංකා පිල මේ මස 4 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ද, 5 වැනිදා මැලේසියාවට එරෙහිව ද, 6 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවද, පළමු වටයේ තරගවලට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා වයස 15 න් පහළ සංචිතය:
පවන් රත්නායක (නායක - කොළඹ මහානාම විදුහල), අභිෂේක් ආනන්දකුමාර් (උප නායක - මහනුවර ත්‍රිත්ව විදුහල), යෙසිත් රූපසිංහ (කොළඹ ශාන්ත ජෝශප් විදුහල), අමිත දාබරේ (කොළඹ ලුම්බිණි විදුහල), දිනුර ප්‍රනාන්දු (මොරටුව වේල්ස් කුමර විදුහල), ෂෙරාන් ෆොන්සේකා (කළුතර සිරිකුරුස විදුහල), ලොහාන් ද සොයිසා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), සුඛිත ප්‍රසන්න (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), රවීන් ද සිල්වා (කොළඹ නාලන්දා විදුහල), පසිඳු තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව විදුහල), ප්‍රෂාන් කල්හාර (පානදුර රාජකීය විදුහල), කනිෂ්ක හසිත (වෙන්නප්පුව ශාන්ත ජෝශප්වාස් විදුහල), කවිඳු පතිරත්න (කොළඹ රාජකීය විදුහල) සහ තෙවින් අමරසිංහ (බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල)
නිලධාරීන්
ඔෂාර පණ්ඩිතරත්න මහතා (කණ්ඩායම් බාර නිලධාරී - විදුහල්පති පන්නිපිටිය ධර්මපාල විදුහල), ජාලිය ජයන්ත මහතා (කළමණාකරු - කොළඹ අශෝක විදුහල), ඩිල්ෂාන් ද සිල්වා මහතා (පුහුණුකරු - දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල) සහ ඒ. එම්. ඒ. පී. අතපත්තු මහතා (සහය පුහුණුකරු - ඉබ්බාගමුව ආදර්ශ විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.