Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා 15 න් පහළ පිල මැලේසියාවට

ශ්‍රී ලංකා 15 න් පහළ පිල මැලේසියාවට

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැලේසියාවේදී පැවැත්වෙන ‘තුවාන්කු ජෆාර් කුසලාන’ අන්තර් ජාතික වයස 15 න් පහළ කි‍්‍රකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (4 වැනිදා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම කී‍්‍රඩකයන් 14 දෙනකුගෙන් සහ නිලධාරීන් සිව්දෙනකුගෙන් සමන්විත වන අතර එහි නායකයා ලෙස වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජය කටයුතු කරයි. කොළඹ ආනන්ද විදුහලේ කමේෂ් නිර්මාල්ට කණ්ඩායමේ උප නායකත්වය හිමි වී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා පිල 5 වැනිදා බංගලාදේශයට එරෙහිවද, 6 වැනිදා මැලේසියාවට එරෙහිවද, 7 වැනිදා ඉන්දියාවට එරෙහිවද, 9 වැනිදා දකුණු අපි‍්‍රකාවට එරෙහිවද, 10 වැනිදා තායිලන්තයට එරෙහිවද තරග වැදීමට නියමිතය.

තරගාවලියේ තෙවැනි, සිව්වැනි, පස්වැනි සහ හයවැනි ස්ථාන තෝරාගන්නා තරග 11 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය ලබන 12 වැනිදා පැවැත්වේ.
ශ්‍රී ලංකාවට අමතරව දකුණු අපි‍්‍රකාව, ඉන්දියාව, බංගලාදේශය, තායිලන්තය සහ සත්කාරක මැලේසියාව මෙවර තරගාවලියට සහභාගී වෙති.

අශේල් සිගේරාගේ නායකත්වය යටතේ ඉකුත් වසරේ පැවැති මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතාව දිනාගැනීමට සමත් විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිල -
නිපුන් ධනංජය (වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල), කමේෂ් නිර්මාල් (කොළඹ ආනන්ද විදුහල), එල්. එම්. දිලූම් සුදීර (කරන්දෙණිය මැදි විදුහල), නිපුන් මාලිංග (ගාල්ල විද්‍යාලෝක විදුහල), රන්මිත් ජයසේන (කොළඹ ශාන්ත පීතර විදුහල), කමිල් මිශාර (මහානාම විදුහල), පැතුම් මධුශංක (රත්ගම දේවපතිරාජ විදුහල), ප‍්‍රමුජිත පණ්ඩිතරත්න (මහනුවර ශාන්ත අන්තෝනි විදුහල), සසිත මදනායක (ගම්පහ බණඩාරනායක විදුහල), තවීෂ අභිෂේක් (ගාල්ල රිච්මන්ඞ් විදුහල), රොෂේන් ප‍්‍රනාන්දු (මීගමුව මාරිස්ටෙලා විදුහල), තිතිර වීරසිංහ (කොළඹ තර්ස්ටන් විදුහල), ගිහාන් අචින්ත (මොණරාගල රාජකීය විදුහල), ඉන්ශක මධුවින්ද (කළුතර විද්‍යාලය)

ඒ. ජයතිස්ස මහතා (කණ්ඩායම් ප‍්‍රධානී - උඩුගම්පොළ සෙනරත් පරණවිතාන මැදි විදුහල), මහින්ද උඩුවැල්ල මහතා (කළමනාකරු - කුරුණෑගල මලියදේව විදුහල), විරාජ් චමින්ද මහතා (පුහුණුකරු - අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), එල්. සී. පෙරේරා මහතා (සහකාර පුහුණුකරු - වේයන්ගොඩ බණඩාරනායක මැදි විදුහල)

 

- 036


අදහස් (0)

ශ්‍රී ලංකා 15 න් පහළ පිල මැලේසියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.