Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු පළමු කොටසේ සිවුකොන් රග්බි තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා රග්බි පිල සහභාගි වන දෙවැනි තරගය සත්කාර මැලේසියානු පිලට එරෙහිව ක්වාලාම්පූර් නුවරදී හෙට (11) පැවැත්වේ.
දිනයේ දෙවැනි තරගය වන මෙම තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ලකුණු 33-17 ක් ලෙස සිංගප්පූරුව පරාජය කිරීමට සමත්ව සිටියි. එම තරගයේදී උත්සාහක දිනුම් හතරක් සම්පූර්ණ කළ ශ්‍රී ලංකා පිල අතිරේක ප‍්‍රසාද ලකුණක් ද සමගින් ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවෙයි. පිලිපීනය ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා දෙවැනි ස්ථානයේ සිටියි.
සත්කාරක මැලේසියානු පිල පළමු තරගයේදී පිලිපීනය හමුවේ පරාජය පත්වූ අතර ඒ අනුව ප‍්‍රසාද ලකුණක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි.
සුදර්ශන මුතුතන්ත‍්‍රිගේ නායකත්වයෙන් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) පෙරවරුවේ සහ පස්වරුවේ පුහුණු සැසි දෙකකට සහභාගි වූ බවත් සියලූම ක‍්‍රීඩකයන් හො`ද සූදානමින් සිටින බවත් කණ්ඩායම් කළමණාකාරිත්වය තමන් දැනුවත්කර ඇති බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීයකු පැවසීය.
තරගාවලියේ දෙවැනි දිනය වන අද දිනයේ පළමු තරගයට පිලිපීනය සහ සිංගප්පූරුව සහභාගි වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.