වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 28 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම සමත් විය.
කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ක්රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී නේෂන් ට්රස්ට් බ්ලැක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 66-62 ක තියුණු ජයක් වාර්තා කරමින් ශ්රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
දක්ෂ ක්රීඩා විලාශයක නිතර වූ ශ්රී ලංකන් ගුවන් සේවා කණ්ඩායමේ ඇන්ඩි්ර ජයකොඩි එම තරගයේ වීරයා බවට පත් විය.
‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටය
■ ශ්රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම විසින් ලකුණු 66-62 ක් ලෙස නේෂන් ට්රස්ට් බ්ලැක්ස් කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ඇන්ඩෘෘ ජයකොඩි (ශ්රී ලංකන් ගුවන් සේවා කණ්ඩායම)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.