Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ජයවර්ධනපුර සටන හෙට - අනිද්දා

ශ්‍රී ජයවර්ධනපුර සටන හෙට - අනිද්දා

editorial - 2023 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර පැවැත්වෙන 23 වැනි ‘ශ්‍රී ජයවර්ධනපුර සටන’ මහ ක්‍රිකට් තරගය හෙට (4 වැනිදා) සහ අනිද්දා (5 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර මහ ක්‍රිකට් තරගයේදී ආනන්ද ශාස්ත්‍රාල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජනිත චතුරංගට පැවරී තිබේ. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ඔභාෂ් මලින්තට හිමිව තිබේ. බිනූප තත්මිර ආනන්ද ශාස්ත්‍රාල කණ්ඩායමේත්, පියුමාල් දෙව්රංග ශාන්ත ජෝන් කණ්ඩායමේත් උප නායකයෝ ලෙස කටයුතු කරති.

අන්තර් පාසල් ක්‍රිකට් වයස 19 න් පහළ තරගාවලියේදී තෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශාන්ත ජෝන් විදුහල, තරග 5 කට සහභාගි වෙමින් වෙමින් පූර්ණ ජයග්‍රහණයක්, පළමු ඉනිමේ ජයග්‍රහණ 3 ක් ලබා ඇත. අර්ධ අවසන් පූර්ව වටයේදී පළමු ඉනිමේ පරාජයක් ලැබීම හේතුවෙන් ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

 


ආනන්ද සාස්ත්‍රාලය
ඉදිරි පෙළ වමේ සිට - පුන්සර හරසත්, නෙතුම් දනේෂ්, නුවන් වික්‍රමසිංහ මහතා (නියෝජ්‍ය විදුහල්පති), ජනිත චතුරංග (නායක), ප්‍රියශාන්ත මදුමාරල මහතා (විදුහල්පති), බිනූප තත්මිර (උප නායක), ඉසිරු උදාර මහතා (ක්‍රීඩා පාලක) සහ උදාර ශෂිරු
පසු පෙළ වමේ සිට - සදෙව් ඉන්දීප, නිතිෂ් කමලසූරිය, චාරුක ඒෂාන්, කුෂිත් මධුෂාන්, ඉෂාන් අනුෂ්ක, එස්.ඒ. අර්තීෆ්, වෙනුර සන්තුෂි, නදිල් සත්සිලු, රුවන්ත ඉඳුරංග, පෝෂිත මදනායක, කෙනුල තිලකරත්න සහ නදීම් මජීඩ්

 


ශාන්ත ජෝන් විදුහල
ඉදිරි පෙළ වමේ සිට - සුමිත් ප්‍රසන්න මහතා (ප්‍රධාන පුහුණුකරු), ලෝචන හංසක, සඳරුවන් සෙනෙවිරත්න මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ජයන්තන් අභිනාෂ්, නිරෝධ විජේරාම, පියුමාල් දෙව්රංග (උප නායක), එම්.බී.බී. අත්තනායක මහතා (විදුහල්පති), ඔභාෂ් මලින්ත (නායක), ඩී.එන්. ගුරුදෙණිය මහතා (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති), සඳුන් මෛත්‍රීගේ මහතා (නියෝජ්‍ය විදුහල්පති), චතුමික දෙව්මින්, සුවික් රුනිල (සහායක පුහුණුකරු)
පසු පෙළ වමේ සිට - තිෂාන් දමිඳු, වෝචන ලක්ෂාන්, ජනිත් තීක්ෂණ, දනුෂක භාරත, ලක්ෂිත ලකිඳු, තේනුක නේතෲ, තරිඳු මෙවන්, තිමල්ක සුපසන්, අනුග අනුසර, උදාන් ඉරෝෂන්, තානු අනුහස්, කේෂර නිමේෂ් සහ සඳුන් දෙව්මිණ

 


අදහස් (0)

ශ්‍රී ජයවර්ධනපුර සටන හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.