Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය ඊයේ (14 වැනිදා) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මහනුවර ධර්මරාජ විද්‍යාලීය දෙවැනි ඉනිමේදී ලකුණු 35 කට කඩුලු 8 ක් දවාගත් ශශික දුල්ශාන් තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 10 ක් දවාගනිමින් මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උපේන්ද්‍ර වර්ණකුළසූරිය කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය
ධර්මරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(විරාජිත ඇහැළේපොල 43, සුපුන් කාවින්ද 12/3, කේශර නුවන්ත 21/2, තිලාන් ප්‍රශාන් 25/2, ශශික දුල්ශාන් 32/2)
සා. සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 81.4 කදී සියලුදෙනා දැවී ලකුණු 214
(ශශික දුල්ශාන් නොදැවී 26, ඉසුරු දළදාවත්ත 26, සුපුන් කාවින්ද 26, පුෂ්පික දිල්ශාන් 25, චිහාන් කාලින්ද 23, උපේන්ද්‍ර වර්ණකුළසූරිය 57/6, යසිත් සමරරත්න 48/2)
ධර්මරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 59.5 කදී සියලුදෙනා දැවී ලකුණු 98
(සචින්ත සේනානායක 33, භවන්ත උදම්ගමුව 23, ශශික දුල්ශාන් 35/8, කේෂර නුවන්ත 25/2)
සා. සර්වේශස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 2.4 කදී කිසිවකු නොදැවී ලකුණු 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.