අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ සියලු ශාන්තුවරයන්ගේ විදුහල අතර මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේ ඉනිමක සහ ලකුණු 55 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත සර්වේෂස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සර්වේෂස් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට විදූෂ ඔමේෂ් (51) සමත් වූ අතර එම විදුහලේම ඉමේෂ් ගිහාන් ලකුණු 33 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත සර්වේෂස් විදුහල - පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 9 ක් දැවී 160
(විදූෂ ඔමේෂ් 51, අබිෂේක් රාහුල් 46, නුවංක තිනෙත් 33/4, කවිඳු රොෂාන් 30/3)
සියලු ශාන්තුවරයන්ගේ විදුහල - පළමු ඉනිම - ඕවර 28 කදී සියලු දෙනා දැවී 45
(ඉමේෂ් ගිම්හාන් 01/3, බිනෝත් චිතුප්‍රිය 12/3)
සියලු ශාන්තුවරයන්ගේ විදුහල - දෙවැනි ඉනිම - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 60
(රවිඳු දිල්ෂාන් 32, හංස නිපුන් 10/4, ඉමේෂ් ගිහාන් 32/4, බිනෝත් චතුප්‍රිය 02/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.