අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ මොරටුව වේල්ස්කුමර විදුහල අතර පැවැත්වෙන තරගයේ පළමු දිනය වන අද (27) දිනය නිමා වන විට මහින්ද විදුහල ලබාගත් ලකුණු 208 ට පිළිතුරු වශයෙන් වේල්ස්කුමර විදුහල කඩුලූ 5 ක් දැවී ලකුණු 157 ක් ලබාසිටියේය.
එහිදී මහින්ද විදුහලේ පළමු ඉනිමේ කඩුලූ 5 ක් දවාගනිමින් සහ ලකුණු 79 ක් රැස්කරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට වේල්ස්කුමර විදුහලේ ශානුක දුලාජ් සමත්විය.
මෙම තරගය අද සහ හෙට (27-28) මොරටුවේදී පැවැත්වේ.
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලූදෙනා දැවී 208
(මලිත් මහේල 40, නිලංක ලක්සිරි 32, සචික උදාර 29, පසිඳු දිල්ෂාන් 25, ශානුක දුලාජ් 45/5, ජයංග පීරිස් 81/4)
වේල්ස්කුමර විදුහල පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලූ 5 කට 157
(ශානුක දුලාජ් 79, අශේන් මෙන්ඩිස් 28, මලිත් මහේල 27/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.