Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමරුවෝ මහින්දය පරදති

වේල්ස් කුමරුවෝ මහින්දය පරදති

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ මොරටුව වේල්ස්කුමර විදුහල අතර මොරටුවේදී පැවැති තරගයෙන් කඩුලූ 1 ක තියුණු ජයක් වාර්තා කිරීමට මොරටුව වේල්ස්කුමර විදුහල සමත්විය.

ලකුණු 124 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය වේල්ස්කුමර කී‍්‍රඩකයෝ කඩුල්ලක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර යෑමට සමත්වූහ.

වේල්ස් කුමර විදුහලේ ශානුක දුලාජ් තරගයේදීම ලකුණු 81 කට කඩුලූ 8 ක් දවාගත් අතර පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 79 ක් රැස්කළේය. වේල්ස්කුමර විදුහලේ ජයංග පීරිස්ද තරගයේදීම ලකුණු 132 කට කඩුලූ 9 ක් දවාගනිමින් ජයග‍්‍රහණයේ ප‍්‍රබල කොටස්කරුවකු විය.

මහින්ද විදුහලේ මලිත් මහේලද පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඉනිම් දෙකේදීම ලකුණු 97 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත් විය.

මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 60.2 කදී සියලූදෙනා දැවී 208
(මලිත් මහේල 40, නිලංක ලක්සිරි 32, සචික උදාර 29, පසිඳු දිල්ෂාන් 25, ශානුක දුලාජ් 45/5, ජයංග පීරිස් 81/4)

වේල්ස්කුමර විදුහල පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලූදෙනා දැවී 212
(ශානුක දුලාජ් 79, කි‍්‍රෂේන් අපොන්සු 29, අශේන් මෙන්ඩිස් 28, ශෙනාල් ද සිල්වා 21, මලිත් මහේල 53/5, තමිත් කල්හාර 76/2)

මහින්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 48.5 කදී සියලූදෙනා දැවී 127
(මලිත් මහේල 33, ජයංග පීරිස් 51/5, ශානුක දුලාජ් 36/3, ශෙනාල් ද සිල්වා 7/2)

වේල්ස්කුමර විදුහල දෙවැනි ඉනිම -  ඕවර 28.5 කදී කඩුලූ 9 කට 124
(අශේන් මෙන්ඩිස් 30, ශානුක දුලාජ් 22, හසිත ලංකා 22, තමිත් කල්හාර 23/4, මලිත් මහේල 44/2)


-036

 


අදහස් (0)

වේල්ස් කුමරුවෝ මහින්දය පරදති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.