Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ I වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මොරටු විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සමත්විය.
වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමර විද්‍යාල විද්‍යාලය තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් පමණක් දැවී ලකුණු 161ක් රැස් කළ අතර, මොරටු විද්‍යාලයට තම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 95ක් පමණි.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 9 ට 161 යි
(අෂින් දිසානායක 48, ශ්‍යාන් ද සිල්වා 42, රිෂාන් පීරිස් 28, උදාර සල්ගාදු 43/4, දිනරු දිනුක් 24/2 )
මොරටු විද්‍යාලය - පළමු ඉනිම ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 95 යි
(රන්මිත් අප්පුහාමි 29, දෙනෙත් ප්‍රනාන්දු 22, සෙනුක් ගීනුක 15/3, පසිඳු උදාමෙත් 38/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.