Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක ජයක්

වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 69 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ඊයේ (15 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඉසිපතන විද්‍යාලීය පළමු සහ දෙවැනි ඉනිම් වලදී කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ සවිඳු පිරීස් වේල්ස් කුමර විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 321
(සඳුන් ප්‍රනාන්දු 94, අවිඳු ප්‍රනාන්දු 65, සනෝජ් දර්ශික 65, සවිඳු පිරීස් නොදැවී 39, මදුශංක සඳරුවන් 89/3, කලීක් අම්මත් 69/2)

ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(අයන සිරිවර්ධන 39, අශේන් ගුණවර්ධන 34, සංජුල අබේවික්‍රම 33, සවිඳු පිරීස් 38/5, අවිඳු ප්‍රනාන්දු 11/3, කෞමාල් නානායක්කාර 50/2)

ඉසිපතන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 90
(සංජුල අබේවික්‍රම 31, ලෙශාන් අමරසිංහ 21, සවිඳු පිරීස් 24/5, කෞමාල් නානායක්කාර 39/3)


අදහස් (0)

වේල්ස් කුමර විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.