Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමර විදුහලට ඉනිමක ජයක්

වේල්ස් කුමර විදුහලට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී පානදුර ශාන්ත ජෝන් විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 123 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තෙවැනි කඩුල්ල සදහා අගනා සම්බන්ධතාවයක් ගොඩනගමින් වේල්ස් කුමර විදුහල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට අවිඳු ප්‍රනාන්දු (නොදැවී 151) සහ සඳුන් ප්‍රනාන්දු (නොදැවී 113) සමත්වූහ. කෞමාල් නානායක්කාර ලකුණු 105 කට කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ අතර රවිඳු පීරීස් ලකුණු 39 කට කඩුලු 5 ක් සහ සවිඳු පීරීස් ලකුණු 24 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම - ඕවර 62 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 350
(අවිඳු ප්‍රනාන්දු නොදැවී 151, සඳුන් ප්‍රනාන්දු නොදැවී 113, විශ්ව චතුරංග 70, සුමුදු උදාර 84/2)

ශා. ජෝන් විදුහල - පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලුදෙනා දැවී ලකුණු 87
(අශාන් දිල්හාර 27, සවිඳු පීරීස් 24/4, කෞමාල් නානායක්කාර 47/4)

ශා. ජෝන් විදුහල - දෙවැනි ඉනිම - ඕවර 50.1 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(සකුන් රුක්ෂාන් 78, රවිඳු පීරීස් 39/5, කෞමාල් නානායක්කාර 58/3, කුංචන පෙරේරා 15/2)


අදහස් (0)

වේල්ස් කුමර විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.