Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමර විදුහල් ‘බී’ පිල මුල් ඉනිම ජයගනී

වේල්ස් කුමර විදුහල් ‘බී’ පිල මුල් ඉනිම ජයගනී

ශනුක අරවින්ද - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

වේල්ස් කුමර විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ සඳුන් රණතුංග නොදැවී ලකුණු 60 ක් රැස්කළ අතර නිසිත් ද සිල්වා සහ මිහිරු ධනංජය කඩුලු 3 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.

වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 51 කදී කඩුලු 4 ක් දැවී 200
(සඳුන් රණතුංග නොදැවී 60, සුමල්ක ප්‍රනාන්දු 34, යනෙත් ද අල්විස් 32, දිනිල් ප්‍රනාන්දු 29)

නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 104
(නිසිත් ද සිල්වා 22/3, මිහිරු ධනංජය 30/3)

වේල්ස් කුමර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 4 කදී කඩුල්ලක් දැවී 17

 


අදහස් (0)

වේල්ස් කුමර විදුහල් ‘බී’ පිල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.